
Maneesha Chanchala Exclusive from Starfriends.lk
මනීෂා වඩාත් ජනප්‍රිය වන්නේ සිඳූ කතාවේ තෙරුණිගේ චරිතයෙන්. දැන් නම් ඇය ඊට අමතරව නිර්මාණවල වගේම වෙළෙඳ දැන්වීම්වලත් පෙනී සිටිනවා. මේ දිනවල මනීෂා පෞද්ගලික ජීවිතයේ කටයුතු නිසා තරමක් කාර්ය බහුලයි. ඉදිරියේදී මනීෂා කිසියම් වෘත්තියක් පටන්ගන්න හිතාගෙන ඉන්නවා. මේ දවස්වල ඊට අදාල යම් යම් දේ ඉගෙන ගන්න තමයි වැඩි කාලයක් යොදවන්නේ. මේ හැම විස්තරයක්ම ඉක්මනින්ම ඇය ඔයාලට කියන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.
මනීෂා රංඟනය තෝරා ගන්නේ අමතර දෙයක් ලෙස. ඇය වෘත්තිය ජීවිතය වෙන ආකාරයකට ගොඩනගාගන්න අදහස් කරනවා. මේ පුංචි වයසේදී ඒ වගේ සිතුවිල්ලකින් ක්‍රියා කිරීම අගය කරන්න ඔිනේ. ගොඩක් අය හිතාගෙන ඉන්නේ මනීෂා කියන්නෙත් තෙරුණි වගේ තැන්පත් සහ බොළඳ චරිතයක් කියලා. හැබැයි මනීෂා නම් කියන්නේ එයා තැන්පත් කෙනෙක් නෙමෙයි කියලා. ගොඩක් දඟලන්නේ නැති වුණාට මනීෂා තැන්පත් බොළඳ චරිතයක් නොවන බව ඇය කියනවා. අනෙක් අතට මනීෂා තෙරුණි වගේ බොළඳ කෙනෙකුත් නොවන බව ඇය කියනවා.
මනීෂා ආදරය සම්බන්ධයෙන් කියන්නේ මේ වගේ කතාවක්, ˝ජීවිතේ ගැන අපිට මැරෙනකල්ම තේරුම් ගන්න අමාරුයි. හරි ආදරය කියලා දෙයක් තියෙනවා නම් ඒක තමයි ඕන දේ කියලා මම හිතනවා. නමුත් එයා රසිකයෙක් ද වෙනත් ආකාරයකින් හමුවෙන කෙනෙක් ද කියලා මට කියන්න අපහසුයි. දැනට මට අම්මාගෙනුයි අප්පච්චිගෙනුයි ආදරය ලැබෙනවා. අවශ්‍යය කාලේදී මම ඒ ගැන හිතනවා˝
මනීෂා කියන්නේ දක්ෂ ගායිකාවක්. රංඟනය නිසා ඒ හැකියාව වඩාත් ඉස්මතු නොවුණත් ඇය මේ වන විටත් චිත්‍රපට තුනකට පසුබිම් ගායනයෙන් එක් වී තිබෙනවා. නුදුරු දිනක ඇය රඟපාන චිත්‍රපටයක රූගත කිරීම් ආරම්භ කිරීමට නියමිත බවත් ඇය කියනවා.
Maneesha Chanchala Exclusive from Starfriends.lk