Daily News
Trending

මම කැමති ආදරේට වඩා සල්ලි තියෙනවා නම් විතරයි.




ආක්ශා කියන්නේ ස්වාධිනව ගමනක් යන නිදහස් කෙල්ලෙක්. ඇය රංඟන ශිල්පිනියක් වගේම නිරූපිකාවක්. ඒ වගේම ආක්ශා ව්‍යාපාර ලෝකයටත් අඩිය තියනවා. මේ සේරම කරන්නේ ඇය තනිවම. ආක්ශා ඒ තනියම ගෙවන ජීවිතයට කැමතියි. ආසයි. විවාහය කියන්නේ මායාවක් කියලානේ ආක්ශා හිතන්නේ. ඉස්සර එයාලගේ දෙමාපියන්ගේ කාලේ නම් විවාහයට වටිනාකමක් තියෙනවා. ඒත් දැන් නම් ඩිවෝස් වෙන එක තමයි අහන්න ලැබෙන්නේ. එහෙම නැති අය ඉන්නේ හරිම ටික දෙනයි. මේ නිසා විවාහ වෙනවට වඩා මේ ඉන්න විදියට නිදහසේ ඉන්න තමයි ආක්ෂා කැමති. හැබැයි ඉතිං හැමදාම තනිකඩව ඉන්නවා කියලත් ආක්ශා කියන්නේ නැහැ. ආක්ශාට ආදරය ගැන ලොකු අදහසක් නැහැ. එයා කියන්නේ ආදරයට වඩා මුදල් වටිනවා කියලා. සල්ලි තියෙනවා නම් ආදරය විතරක් නෙමෙයි හැමදේම මිලදී ගන්න පුළුවන් කියන මතයේ තමයි ඇය ඉන්නේ. ඒ කතාවෙත් ඇත්තක් නැත්තේම නෑ. මොනදේ කරන්නත් සල්ලි ඕනනේ. ආක්ශාට කැපිලි කෙටිලි වලිනුත් අඩුවක් නෑලු. ඒත් ඒ ඕනම දේකට මුහුණ දෙන්න ආක්ශාට පුළුවනි. මේ දවස්වල නම් ආක්ශාගේ යාළුවා ජිම් එක. වැඩිපුරම කාලයක් ආක්ශා ගත කරන්නේ ජිම් එක ඇතුලේ. මොකද මේ දවස්වල ආක්ශා ඇඟ ගැන හුගාක් හිතනවාලු. රූපයට වඩා ශරීර සෞඛ්යය වැදගත් කියලත් ආක්ශා කියනවා. ආක්ශා ජීවත් වෙන්නේ හීනත් එක්කලු. එහෙම ප්‍රර්ථනා කරන දේවල් ආක්ශාට ලැබිලත් තියෙනවලු. ආක්ශා ප්‍රර්ථනා කරන තව හීන දෙකක් තියෙනවා. ඒ මොනවද කියලා ඉස්සරහට කියන්නත් ඇය බලාපොරොත්තු වෙනවා.

Tags
Show More
Close