
චමත්කා අන්තර්ජාලය ගිනි තියාගෙන තමයි මේ ෆීල්ඩ් එකේ ජනප්‍රිය වෙන්නේ. ඒ ගිනියම් රෑ සින්දුවේ මියුසික් වීඩියෝව නිසා. ඇත්තටම ඇය නිරූපිකාවක්.
චමත්කාගේ ෆැශන් ගැන ඇය තොරතුරු අනාවරණය කරලා තිබුණා. සාමාන්‍යයෙන් චමත්කා කියන්නේ ෆැශන් කරන්න කැමති කෙනෙක්නේ. ඒ නිසාම චමත්කා නිතර වෙනස් වෙන්න කැමතියිලු. මොකද ෆැශනුත් නිතර වෙනස් වෙනවනේ. ඒ නිසා චමත්කාටත් කාලෙන් කාලෙට වෙනස් වෙන්න සිදු වෙනවා.
මොන තරම් වෙනස් වුණත් චමත්කාගේ අතේ තියෙන ඔරලෝසුව නම් කාලයක් තිස්සේ වෙනස් වෙන්නේ නැහැලු. ඒකට හේතුව හොයාගෙන ගියාම නම් තියෙන්නේ ආදර කතාවක්. චමත්කාට ඒ ඔරලෝසුව අරගෙන දෙන්නේ එයාගේ අම්මා. ඉතින් අම්මට තියෙන ආදරේට තමයි චමත්කා ඔරලෝසුව බඳින්නේ.
ඉන්ටර්නෙට් එකෙන් ඕඩර් කරලා ෂොපින් කරන චමත්කාට අම්මා තමයි බොහෝ ඇඳුම් ආයිත්තම් ගෙනල්ලා දෙන්නේ. සපත්තු එක්ක ශෝට් ඩෙනිමක් ඇඳගෙන යන්න තියෙනව නම් චමත්කාට ඊට වැඩිය දෙයක් නෑලු. රෝස පාට,කළු පාට, සුදු පාට තමයි චමත්කාගේ ආසම පාටවල්. හැබැයි වැඩිය ජුවලරි දාන්න නම් එයාගේ කැමැත්තක් නැහැ.
මේ මොන ෆැශන් කළත් චමත්කාගේ අතේ අම්මා දීපු ඔරලෝසුව නම් වරදින්නේ නැහැ.