
Dasun Pathirana Exclusive from Starfriends.lk
හැමෝගෙම ආදරණීය දස්සා (Dasun Pathirana). ඔහු සෙල්ලක්කාර විසේකාර තරුණයෙක්. හරිම නිදහස් කොල්ලෙක්. හොඳම නළුවා සම්මානය සම්මාන උලෙළ කිහිපයකදීම දිනා ගත්තත් පොළොවේ පයගහලා ඉන්න නිහතමානී කොල්ලෙක්. සිරාවටම කියනවා නම් තරුවක් නෙමෙයි ඒත් දක්ෂයෙක්.
දස්සා එක එක පුරුදු එක්ක ජීවත් වෙන සහ ජීවත් වුණ කොල්ලෙක්. හොඳට කනබොන කොල්ලෙක්. ඒත් දස්සාගේ ලෝකෙට ශයියා එනවා. එතැනින් පස්සේ සෙල්ලක්කාර දස්සාට ටික ටික වගකීම් දරන්න හුරුවෙන්න වෙනවා. බඳින්නේ නැතිව ළමයි හදන්න පුළුවන් කිව්වාට ටික දවසකින් දස්සා විවාහ සහතිකයත් ගන්නවා.
ඒ විධියට දස්සා ඔහුගේ ජීවිතයෙන් ඈත් කරපු නරක පුරුද්දක් ගැන කියන්නද? ඔහු අසීමිතව ෆේස්බුක් එකට ඇබ්බැහිවෙලා ඉඳලා තියෙනවා. ට්‍රිප් එකක් ගියත් ඔහු හිටියේ ෆේස්බුක් එකේලු. යාළුවෝ බැන්නත් ඇහුවේ නෑලු. හැබැයි ඉතින් පස්සේ පස්සේ දස්සා මේ නරක පුරුද්දෙන් ඈත් වෙනවා.
දස්සා ඉතින් සෙල්ලක්කාරයානේ. බිරිඳට අමතරව ෆේස්බුක් පෙම්වතියක් එහෙමත් ඉඳලා තියෙනවා. දවසක් දස්සාගේ වයිෆ්ට මේ සම්බන්ධය අතටම අහුවෙනවා. එතැනින් පස්සේ ඒකත් නතර කරන්න දස්සාට සිදු වෙනවා.
මේ වගේ සෙල්ලක්කාර වැඩ කළාට දස්සා ආදරණීය සැමියෙක්. ඒ වගේම ආදරණීය තාත්තා කෙනෙක්. ඉතින් වගකීම් වැඩි වෙද්දි සෙල්ලක්කාර ගති අමතක වෙලා කොල්ලා ටික ටික පරිණත වෙලා ඉන්නේ. අපි ඒ සුන්දර පවුලට වගේම දස්සාගේ කලා ජීවිතයටත් සුබ පතනවා.
Dasun Pathirana Exclusive from Starfriends.lk