Daily News
Trending

මම ඉන්නේ තනියම.. මට Boyfriend කෙනෙක් නෑ.

Nilushi Pawanya




Nilushi Pawanya Exclusive from Starfriends.lk

මේ දවස් වල ටෙලිඩ්‍රාමා බලන ඔයාලට දැකගන්න පුලුවන් වෙලා තියෙනවා නේද අලුත් මුහුණු දෙක තුනක්ම ඒවා ඇතුළෙ එහෙට මෙහෙට කැරකෙනවා. ඒ අතර සමහර අයගේ හිත ගත්ත නිළියන් ඉන්නවා. තවත් දේවල් වල තමන්ට ලස්සනම නිලිය ඉන්නවා. කතාව හොඳ හින්දා නිලියට කැමති වුන අයත් ඉන්නවා. කොහොමහරි මේ දවස්වල ටිකක් වැඩියෙන් කාගෙත් අවධානයක් යොමු කරන නිළියක් ගැන තමයි අපි මේ කතා කරන්න හදන්නේ. ඉස්සර ඉස්කෝලේ යන කාලේ නම් ගොඩක් අය අකමැති උනේ ටීචර්ලාට. එහෙම වුණත් මේ ටීචර්ට නම් ගොඩක් අය කැමති වෙයි. ඒ ගැන ආයෙ කියන්න දෙයක් නෑ .

මේ ටීචර් තමයි නිලූෂි පවන්‍යා කියන්නේ. නිලූෂි මුලින්ම කලාවට ආවේ derana miss srilanka තරඟයෙන්. ලේසි නෑ එතනත් මුල්ම 12 ට මෙයා තේරුණා. මේ තරගවලින් පස්සෙ ඉන්දියාවට ගිහිල්ලා රටවල් 40ක තරගකාරියන් ගෙන් miss talant වෙන්නත් මෙයාට පුළුවන්කමක් ලැබුණා. කොහොමින් කොහොම හරි ඉලංදාරියෝ ටෙලියෙන් ෆීල්ඩ් එකට ආපු නිලූෂිට ටීචර් කෙනෙක් වෙන්න පුළුවන් වුණේ හුස්මක් තරමට ටෙලියෙන්. එ්වගේම මෙයා high education වලින් පස්සේ ගිය අවුරුද්දේ තමයි නර්තන උපාධිය කරලා ඉවර උනේ. ඉතින් අනිත් ගොඩක් අයට වගේම ,මේ ෆීල්ඩ් එකට එනවට ගෙදරින් ඉතින් කේස් ම තමයි. අම්මා ෂේප් එකේ කැමති වුණාට තාත්තා අයියා එහෙම කොහෙත්ම කැමති වෙලා නෑ.

කොහොමින් කොහොම හරි දැන් මෙයා ජනප්‍රියයි. ගොඩක් දෙනෙක් කතා වෙනවා මෙයා ගැන. අනිත් අය ගැන වගේ ම මෙයා ගැනත් අදාල අදාල දේවල් කතා කරන්න පටන් ගත්තා. දන්නවනේ ඉතින් වයස. ඒක ටිකක් දඟලන නටන වයසනෙ. කාටත් කටට එන්නෙම අහන්න ෂ්..ෂ්.. මේ ඔයාට boy friend කෙනෙක් ඉන්නවා ද කියලා වගේ දේවල් තමයි. ඔන්න ඉතින් ඒකට මෙයා කියලා තියෙන්නේ නම් මෙන්න මෙහෙමයි
,boyfriend කෙනෙක් මට නෑ. මට එහෙම කෙනෙක් ඕනෙත් නෑ. මට තනියම ඉන්න එක හොඳයි. හැබැයි මීට ඉස්සෙල්ල මම ආදරයකරලා තියෙනවා. ඒත් ඉතින් ආදරේ කරන්න ඕන හොඳ අවබෝධයක් එක්ක.ඒක නිසා දැන් මම ආදරයක් ගැන හිතන්නේ නෑ.

අන්න එහෙමයි එයා එයාගේ ආදරේ ගැන කිව්වේ. කොහොම උනත් කියන්න තියෙන්නෙ මීට ඉස්සෙල්ලා ආදරය ගැන නිලූෂි හොඳ අවබෝධයක් අරගෙන තියනවා වගෙයි නේද කියලා.

Nilushi Pawanya Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close