Daily News
Trending

මනීෂාට මුල අමතක කරන්න බැරි හේතුව.




මනීෂා චංචලා කියන්නේ තවම මේ ෆීල්ඩ් එකට අලුත් කෙනෙක්. ඒත් ඇය දැනටමත් ඉතාම ජනප්‍රියයි. ඒ සිඳූ කතාවේ තෙරුණිගේ චරිතය නිසා.

මනීෂා තවමත් රූගත කිරීම්වලට එන්නේ ඇයගේ අම්මත් එක්ක. අම්මා තමයි ඇයට හුඟක් දේවල් කියලා දෙන්නෙත්.

රංඟන ශිල්පිනියක් විදියට මනීෂාව අඳුන ගත්තට ඇත්තටම ඇය ඉතාම දක්ෂ ගායිකාවක්. මේ වෙද්දිත් යුගල ගායනා කීපයක්ම ඇය කරලා තියෙනවා. කවදා හරි ගායිකාවක් වෙනවා කියන හීනය තමයි ඇයට තිබුණේ. ඒත් මනීෂා අහම්බෙන් වගේ රංඟනයට තල්ලු වුණා.

කොයිතරම් ජනප්‍රිය නිළියක් වුණත් මනීෂා කවදාවත්ම මුල අමතක කරන්නේ නැහැලු. ඇය මේ ගමන පටන් ගන්නේ සංගීතයෙන්. ඉතින් ඇය ඒ ආරම්භය අමතක කරන්න සූදානම් නැහැ.

ඒ නිසා මනීෂාට ආදරය කරන ඔයාලට ඉදිරියේදී ඇයගෙන් ඉතාම මිහිරි ගීත අහන්න ලැබේවි. රංඟනය වගේම ගායනයත් සමබරව කරගෙන යන්න තමයි මනීෂා බලාපොරොත්තුවෙන් ඉන්නේ.

Tags
Show More
Close