Daily News
Trending

මනීෂාගේ love එකත් ජයටම යනවලු.

Maneesha Chanchala




Maneesha Chanchala Exclusive from Starfriends.lk

සිනා නොමසන් දසන් දක්වා කියලා කිව්වට ඒක කොයිතරම් practical ද කියන්න අපි දන්නේ නෑ. සමහර වෙලාවට ඒක ඇත්තමද කියලා හිතන්නත් වෙන වෙලාවල් ඕන තරම් තියනවා. බොරු කියන්න ඕන නෑනේ. ඔයාලා වුණත් ඉතින් මේ කතාව ගැන එක පාරක් දෙපාරක් නෙවෙයි ඊටත් වැඩියෙන් හිතලා ඇති නේද? කොහොමත් ඒක තමයි හැටි. ඇත්ත කියන්නයි බිම ඉඳ ගන්නයි බයවෙන්න ඕන නෑනේ. ඉතින් තෙරුණිගේ හිනාව ඔයාලට කොහොමද පේන්නේ. Sorry … තෙරුණිගේ නෙවෙයි මනීෂාගේ.. මනීෂා චංචලාගේ. හිතෙන්නේ නැද්ද මේ වගේ කෙල්ලෙක්ගේ හිනාව වහල දාලා තියෙන එක හරි අපරාධයක් කියල. 2008 අවුරුද්දේ දවසක තමයි මනීෂා දෙරණටට ඇවිල්ලා තියෙන්නේ. ඒ ටෙලි ඩ්‍රාමා වල රඟපාන්න නම් නෙවෙයි දෙරණ ලිට්ල් ස්ටාර් තරඟයට සම්බන්ධ වෙන්න කියලා හිතාගෙන. ඊට පස්සේ තමයි ඉතින් ඩ්‍රාමා වලට එහෙම එන්න චාන්ස් එක හම්බ වෙලා තියෙන්නේ. කොහොම හරි දැන් මනීෂා ආදරේ ගැනත් කතා කරන්න පටන් අරන් ඉන්නේ.

මනීෂාට මුලින්ම ආදරේ ගැන ආරාධනා ලැබිලා තියෙනවා කියන්නේ ඉස්කෝලේ යන කාලේ. හොරු නෑ බොරු නෑ මනීෂා ඇත්තම කියලා තියෙනවා .ඔන්න එයාගෙ first love එක පටන් ගත්තෙ ඉස්කෝලේ යන කාලෙදිමයි කියලා. ගොඩක් අය නම් කියන්නේ අනේ අපි නම් ඒ කාලේ එහෙම නෑ කොහොම කොහොම හරි ඉගෙනගත්ත එක තමයි කරේ කියල. ඒත් ඉතින් ඒ love එක නම් ඒ කාලෙදිම ඉවර වුණා. කොහොම වුණත් ඕනම කෙල්ලෙක්ගේ හිතේ dreams තියනවා. ඒ අතරින් හොඳම විසිතුරුම dream එක තමයි ආදරේ ගැන තියෙන එක. අන්න ඒ වගේ දෙයක් මනීෂාටත් තිබිලා තියෙනවා. එයාගේ dream එක තමයි එයාගෙ බෝයිෆ්‍රෙන්ඩි එයාට ගොඩක් ආදරේ වෙන්න ඕන කියන එක. කොහොමහරි ඔන්න දැන් මනීෂා හොඳට යසට ආදරය කරන කෙනෙක් වෙලාලු ඉන්නේ. මනීෂාගේ boyfriend මේ ෆීල්ඩ් එක ගැන හොඳ අවබෝධයකින්ලු ඉන්නවා කියන්නේ.

ඒත් මනීෂා නම් කියන්නේ ෆීල්ඩ් එක ගැන අවබෝධයකින් ඉන්නවට වඩා හොඳයිලු තමන් ගැන අවබෝධයකින් ඉන්න එක කියලා.
ඒ ව⁣ගේම තමන්ට ඕන විදියට කවුරැවත් වෙනස් කරන්න උවමනාවකුත් නෑ කියලා කියනවා. Love කරාට පස්සේ සිද්ධවෙන්නේ ඉතින් marry කරන එකනේ. ඒත් දැන්ම marry කරන්නත් අදහසක් නෑලු. ඒකට ඉගෙන ගෙන එහෙම ඉවරයක් වෙන්න ඕනලු. කොහොම වුණත් මනීෂාගේ ලව් එකනම් ජයටම යනවා කියලා තමයි කියන්නේ.

Maneesha Chanchala Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close