
මනීෂා චංචලාව ඔයාලා හැමෝම දන්නවනෙ. හොඳට හිනාවෙලා කා එක්කත් සුහදව හිටියට මනීෂලගේ ගෙදරට පිරිමින්ට එන්න තහනම්. නිකන්ම නෙමෙයි බෝඩ් එකකුත් ගහලාලු තියෙන්නෙ. “පිරිමින්ට ඇතුල් වීම තහනම්. අවසර ඇත්තේ අප්පච්චීට පමණයි” මෙන්න මේ විදියට මනීෂා එයාලගේ දොරේ බෝඩ් එකක් ගහලා. දවසක් මනීෂලාගේ වසමේ ග්රාමසේවක මහත්තයා රාජකාරී වුවමනාවකට මනීෂලාගේ ගෙදරට එන්න ඇවිත්. ඒත් එයා එලියට වෙලා ඉන්නවලු. ගෙදරට එන්නෙ නැතිව. මොකද බෝඩ් එකක් දැක්කම යන්න බැහැනෙ. මේ විදියට මනීෂා පිරිමින්ව ගෙට වද්ධ ගන්නෙ නැතිව ඉන්න තීරණය කරන්නෙ පුංචි කාලෙදි. ඒකට හේතුවක් නම් කියන්න දන්නෙ නෑ. හැබැයි මනීෂා පිරිමි එනවට කැමති වෙලාම නැහැ. පුංචි කාලේ මනීෂා පිරිමි අයව වැඩිය ළං කරගත්තෙ නැති වුණාට දැන් නම් ඒ වගේ හිතන්නෙ නැහැ. මනීෂට ගැහැනු පිරිමි බේදයක් නැතිව හොඳ යාළුවො ගොඩක් ඉන්නවා.