Daily News
Trending

මනමාලයෙක් වෙන්න ලංකාවටම ආපු මලිත්.

Malith Perera




Malith Perera Exclusive from Starfriends.lk

මලිත්ට ගහනකොට ඇයි චන්චලා අඩන්නේ ” ඒකනම් ඇයි කියන්න අපි දන්නේ නෑ. ඒ වුණත් එහෙම තමයි ඒක වුණේ. ඔයාලට මේ සිදුවීම අමතක වෙන්නනම් විදිහක් නෑ. මොකද මේ සිංදුව release වුනේ මලිත් පෙරේරා ලංකාවේ තිබුන මුල්ම superstar තරඟයෙන් ජයග්‍රහණය කළාට පස්සේ. හැබැයි ඉතින් ඒ දවස්වල මලිත් කියන්නේ උසට මහතට හිටිය කොල්ලෙක් නෙමෙයි. දැන් ඉතින් Gym ගිහිල්ල ඇඟපත එහෙම හදාගෙන තියෙන්නේ. ඔය කියන superstar තරඟය තිබුණු දවස්වල ක්‍රේල් කොණ්ඩයක් තිබ්බ කෙට්ටු කොල්ලෙක්. කොහොමත් ඔයාලා නොදන්නවා වුණාට මලිත්ට ඒ කාලේ ඉඳලාම Gym එකට ගිහිල්ලා ඇඟපත හදාගන්න පොඩි උවමනාවක් තිබිලා තියෙනවා. දැන්නම් gym යන ගමන්ම කෑම එහෙමත් පාලනය කරනවා කියලා තමයි කියන්නේ. ඒ විතරක් නෙමේ ඕස්ට්‍රේලියාවේදී සීනි භාවිතයක් ඇත්තෙම නෑලු. කන බොන දේ වලින් පවා පරිස්සම් වෙනවා කියලා තමයි මලිත් කියන්නේ.

මලිත් ජනප්‍රිය ගායකයෙක් වෙන්න ඉස්සෙල්ලම superstar තරඟයට සහභාගි වෙන මොහොත වෙනකොටත් ජනප්‍රිය වෙලා හිටපු තරුවක්. ඒකට හොඳම උදාහරණය තමයි මේ තරඟය තියන දවස් වල එයා කාර් එක accident කරගෙන hospital admit වෙලා ඉන්නකොට hospital එක පිරෙන්න හිටිය රසික තොගේ. එදා එතනදී sms මනාප ගැහුව නම් අන්න එදා තමයි මලිත් පෙරේරා , අජිත් බණ්ඩාරව පරාද කරලා superstar වෙන්නේ. කොහොම හරි මේ හැමදේකටම පස්සේ සින්දු ටිකක් කරපු මලිත් එකපාරම වගේ කාටවත් දැක ගන්න හම්බවුනේ නෑ කාලයක් ගිහිල්ලා තමයි කට්ටිය දැන ගත්තේ මලිත් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ කියලා. කොහොමින් කොහොම හරි දැන් මලිත් එදා හිටපු කෙට්ටු කොල්ලා නෙමෙයි. හැඩකාර ඉලන්දාරියෙක්. ඒත් ඉතින් වැඩි හරියක්ම හිටියේ ඕස්ට්‍රේලියාවේ. එහි හිටියත් ඉතින් මලිත් එයාගේ වෘත්තිමය ජීවිතය ගොඩනඟන්න හොඳ අඩිතාලමක් දාගෙනයි ඉන්නේ. එයා දැන් accountant කෙනෙක් විදියට ඔස්ට්‍රේලියාවේ ජොබ් එකකුත් කරනවලු.

ඔන්න ඉතින් එදා 2016 ජනවාරියේ ලංකාවට ආවට පස්සේ දැන් ආයෙමත් මලිත් ලංකාවට ඇවිල්ලා ඉන්නේ. දන්නවද වැඩක් මලිත් ලංකාවට ඇවිත් ඉන්නේ මනමාලයෙක් වෙන්නලු. ඒක කොහොමද නේද? කවුරුවත් දන්නේ නැතිව වැඩ සිද්ධ වෙන හැටි. හැබැයි ඉතින් මනමාලයෙක් කිව්වට මනමාලයෙක්මත් නෙවෙයි. දෙවෙනි මනමාලයෙක්. මෙල්බර්න්වල ඉන්න මලිත්ගේ යාළුවාගේ wedding එක තිබිලා තියෙන්නේ ලංකාවේ. ඉතින් අන්න ඒකට තමයි මෙයා ලංකාවට ඇවිත් තියෙන්නේ. දෙවෙනි මනමාලයෙක් උනත් මොකද. මනමාලයෙක්නේ නේද?

Malith Perera Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close