Daily News
Trending

මඩ ගහලා පේෂල මාට්ටු.




පේෂල කියන්නේ මල්ටි ටැලන්ටඩ් තරුණයෙක් කියලා කිව්වොත් කවුරුවත් අමනාප වෙන එකක් නැහැ.

කොටින්ම ඕනම අවස්ථාවක ඕනම කෙනෙක්ට බාල්දි පෙරලීමේ සුවිශේෂී හැකියාවක් පේෂලට තියෙනවා. අපි මේ කියන්නේ ඇත්තක්ද කියලා සැකයි නම් ඔයාලට පේෂල ඉදිරිපත් කරන ටීවී ප්‍රෝග්‍රෑම් කීපයක් බලන්න කියලා අපි ඔයාලගෙන් ඉල්ලා සිටිනවා.

හැබැයි ඉතින් පේෂල මේ හැම දේම කරන්නේ කාගෙවත් සිත් නොරිදෙන්න. විනෝදාස්වාදය පිණිස පමණයි.

ඒත් දවසක් පේෂලව හොයාගෙන කැම්පස් එකට ආපු තරුණයෙක් පේෂල තමන්ට මඩ ගහනවා කියලා චෝදනා කළාලු. ජීවිතේට දැකලාවත් නැති කෙනෙක්ට මඩ ගහන්නේ කොහොමද කියලා පේෂල ඇහුවත් ඒකට ඒ තරුණයාට උත්තරයක් නෑලු. කොටින්ම මොනවද ගහලා තියෙන මඩ කියලා ඇහුවත් කියන්නේ නෑලු. අන්තිමට පේෂල මේ තරුණයාව පිටත් කරලා යවනවා.

තව දවසක් පේෂලගේ එකවුන්ට් එකෙන්ම කවුදෝ තරුණියකට අනවශ්‍ය දේවල් කියලා. ඉතින් මේක සෙල්ලමක් නෙමෙයිනේ. අනිතිමට පේෂල පොලීසි ගිහින්. දන්නවද පේෂලගේ එකවුන්ට් එක හැක් කරලා තියෙන්නේ කවුද කියලා? අවුරුදු 20ක විතර තරුණයෙක්ලු. පේෂල ඒ කොල්ලට අවවාද කරලා ප්‍රශ්නේ දුර දිග යවන්නේ නැතිව නතර කරලා තියෙනවා.

හැබැයි ඉතින් මේ කියන්නේ ෆේස් බුක් නිසා මිනිස්සුන්ට වෙන අලකලංචි ගැන. විශේෂයෙන්ම ජනප්‍රිය අයට මේ වගේ දේවල් නිතර නිතර සිදුවෙනවා.

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close