
අශේන් යූටියුබ් චැනල් ඔස්සේ ජනප්‍රිය වූ නව යෞවනයෙක්. ඔහු තරමක වෙනස් ඉදිරිපත් කිරීමක් කරනවා. ආර්ටිස්ලා එක්ක වුණත් ඩිරෙක්ට් ප්‍රශ්න කරන්න අශේන් බය නැහැ. සමාජයේ බොහෝ ප්‍රශ්න පාරට බැහැලා මිනිස්සු අතරට ගිහින් හඳුනගන්න ඔහු උත්සාහ දරනවා.
මේ සියලු පෙනී සිටීම් අගය කරන්න පුළුවන්. ඒකෙ විවාදයක් නැහැ. ඒත් අශේන් සෝෂල් එක්ස්පිරිමන්ට් කියලා කරන සමහර දේවල් කොයිතරම් දුරට සදාචාර සම්පන්නද කියන ප්‍රශ්නය පැනනඟිනවා.
පහුගිය දවසක එහෙම කරන්න උත්සාහ ගත්ත සෝෂල් එක්ස්පිරිමන්ට් එකක් නිසා අශේන්ට දරුණු ගණයේ විවේචනවලට ලක් වන්න සිදු වුණා. ෆේස්බුක් පේජ්වලින් අශේන්ට එලව එලවා පහරදුන්නා. එතනදී ඔහු කරන්නේ කොටට ඇඳපු තරුණියකගේ පෙම්වතා සේ පෙනී සිටිමින් පාරේ ගමන් කරන අතර, තරුණිය දිහා බලන තරුණයන් සහ පිරිමින් සමඟ කතාවට යන එක. ඉතින් අශේන්ගේ කෙල්ල දිහා වයසක මිනිස්සු වගේම කොල්ලොත් බලනවා. අශේන් ඒ හැමෝම එක්ක වලියට යනව. විශේෂයෙන්ම වයසක පුද්ගලයන් සමඟ ඔහු ඕනවට වඩා එල්ලි එල්ලි වලියට යනවා. පස්සේ ඒ සියල්ල ඔහුගේ යූටියුබ් චැනල් එකට එකතු කරනවා. විරෝධය පැන නඟින්නේ ඊට පස්සේ.
කොටට ඇඳපු ලස්සන කෙල්ලක් දැක්කම නොබලා ඉන්න හේතුවක් නැහැනේ. ඕනම කෙනෙක්ට බලන්න හිතෙනවා. එහෙම නොවුණොත් තමයි පුදුමේ. අනික මේ වීඩියෝව නිසා ජීවත්ව සිටින පුද්ගලයින් කීදෙනෙක් අපහසුතාවට පත්වෙනවාද?
ඉරාජ් වීරරත්න කියන්නෙත් ඔය වගේ අමුතු වැඩ කරන්න ගිහින් හොඳට බැනුම් අහලා පුරුදු කෙනෙක්. ඔහු මේ ගැන අශේන් එක්ක චැට් එකකට යනවා. ඒ වෙලාවේ අශේන් නම් කියන්නේ මේ සෝෂල් එක්ස්පිරිමන්ට් එක කළේ කිසිම කෙනෙක්ව අපහසුතාවට පත් කරන්න නෙමෙයි කියලා. එහෙම සිත් රිදීමක් වුණා නම් ඔහු සමාව ඉල්ලනවා. ඒ විතරක් නෙමෙයි අශේන්ට වෙච්ච දේ ගැන දුකකුත් තියෙනවාලු.
අපේ සමාජයේ ගෑනු ළමයෙක්ට පාරේ බැහලා යන්න බැරි තරමට අසහනකාරයෝ පිරිලා. අශේන් කියන කතාව ඇත්ත. ඒත් ඒ සෝෂල් එක්ස්පිරිමන්ට් එක කරපු විදිය නම් පට්ටම අවුල්.
අශේන් කියන්නේ වීඩියෝවේ සිටින සියලුම පුද්ගලයන්ව පබ්ලිෂ් කරන්න කලින් දැනුවත් කළා කියලා. ඒ කියන්නේ මේක වීඩියෝ කරලා පබ්ලිෂ් කරනවා කියලා පැහැදිලි කළාලු. එහෙම එපා කියපු අයව ගත්තේ නෑලු.
කොහොම වුණත් කොට ඩෙනිමක් ඇඳගෙන පාරේ ගිගින් පිරිමින්ව අවුස්සපු කෙල්ල නම් මේ වෙලාවේ ඉන්නෙ තරමක් අවුල් වෙලාලු. එයා මොඩ්ලර් කෙනෙක්. මේ වැඩේට එන්නේ මෙහෙම වින්නැහියක් වෙයි කියලා දැනගෙන නෙමෙයිනේ.
අශේන්ට අනුව තමන් වගේම හැම මිනිහෙක්ම අසහන කාරයෙක්. කොහොම වුණත් ඔහු තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. ඒ තමයි සමාජයේ එක් පැතිකඩක් නිරාවරණය කරන්න උත්සාහ ගනිද්දදී ඔහු අතින් තවත් පාර්ශ්ව ගණනාවකට පහරවදින බව.