
විවාහයෙන් පස්සේ උමාරියා සිය සැමියා ගැන කතා කරනවා. ඇයගේ විවාහ උත්සවය සිදුවන්නේ ප්‍රංශයේදී. ඉතින් ලංකාවේ බොහෝ අයට ඇයගේ විවාහ උත්සවය මඟහැරෙනවා. උමාරියා පෞද්ගලිකත්වය ගැන හුඟක් හිතන කෙනෙක්. විවාහයත් පෞද්ගලික කාරණාවක්නේ. ඉතින් ඒ දේවල් සිදු වුණේ ඔවුන්ගේ කැමැත්තට අනුව.
උමාරියා විවාහ වෙන්නේ දිමිත්‍රි සමඟ. ඔහු සංගීතයට සම්බන්ධ කෙනෙක් නිසා උමාරියා සමඟ දැන හැඳිනුම්කම මුල සිටම තිබුණා. හැබැයි උමාරියාත් දිමිත්‍රිත් අතර විවාහය සිදුවන්නේ යෝජනාවකින්. යෝජනාව ගේන්නේ දිමිත්‍රිගේ සීයා සහ ආච්චි. පස්සේ ඉතින් පවුල් දෙකේම උදවිය මේ විවාහයට ආශීර්වාද කරනවා.
උමාරියාට ජීවිතයේ මෙතෙක් මුණගැසුන කරුණාවන්තම කෙනා තමයි දිමිත්‍රි. ඔහු ඉතාම කරුණාවන්තයි වගේම අවංකයි. ඒ වගේ ගුණයහපත් දරුවෙක් සමාජයට දායාද කිරීම ගැන ඇය දිමිත්‍රි ගේ දෙමාපියන්ට ස්තූති කරනවා. ඒ වගේම ඔහු වැනි ගුණයහපත් කෙනෙක්ගේ බිරිය වන්න ලැබීමත් ඇයගේ වාසනාවක් කියලා ඇය විශ්වාස කරනවා.
උමාරියා වැඩ කරන්නේ හෘද සාක්ෂියත් එක්ක. සිද්ධ වුණ හැමදේම හෘද සාක්ෂිය දන්නවා. ඒ හොඳටම ප්‍රමාණවත් කියලා ඇය හිතනවා. ප්‍රංශයේ හැදී වැඩුණ දිමිත්‍රි ලංකාවේ දෙමාපියන්ට දාව වැඩුණ කෙනෙක්. විදෙස් රටක සිටියත් ඔහු තුළ ඉතාම උසස් ගතිගුණ තියෙනවා. උමාරිය තමන්ගේ ස්වාමිපුරුෂයා ගැන කතා කරන්නෙ පුදුම සෙනෙහසින්.