
දසුන් තාත්තා කෙනෙක් වූ පුවත සෑහෙන කතාබහට ලක් වුණේ ඔහුත් ඔහුගේ පෙම්වතියත් ඒ වනවිටත් විවාහ වී නොසිටි නිසා. දැන් දසුන් ගේ චූටි දුව ශයියා ටික ටික ලොකු වෙනවා. හැබැයි ඒත් දසුන් සහ හංසි කියන්නෙ විවාහක අඹුසැමියන් නොවෙයි. කසාදය කියන්නෙ ලියවිල්ලකින් ඔප්පු කළයුතු දෙයක් නෙමෙයි. දසුන් හිතන්නෙ එහෙමයි.
ශයියා දුව නිසා දසුන්ගේ ජීවිතය වෙනස් මගකට හැරේවිද? දියණියකට තාත්තා කෙනෙක් වීම නිසා දසුන් ඉන්නෙ හරිම සතුටෙන්. හැබැයි තවමත් දසුන් එයාගේ ජීවිතේ අංක 1 බවට පත් කරගෙන ඉන්නෙ රංඟනය. රංඟන කටයුතු වලට ගියාම දසුන්ට ගෙදර දොර හැම දේම අමතක වෙනවා. මේ නිසා දසුන්ට මාර තාත්තා කෙනෙක් වෙන්න බැරිවෙයි කියලා තමයි ඔහු කියන්නෙ. ලොකු වුණාම ශයියා දියණිය ඒ බව තේරුම් ගනීවි කියලත් දසුන් හිතනවා. හංසි නම් දසුන්ගේ කාර්යබහුල ජීවිතය හොඳටම තේරුම් අරගෙන තමයි ජීවත් වන්නෙ. ඒ නිසා දසුන් ගෙ කැදැල්ලේ ප්රශ්න නම් අඩුයි.