Daily News
Trending

මට මං ගැන ලැජ්ජයි. – පියුමි හංසමාලි




පියුමි හංසමාලි කියන්නේ ගැහුවොත් ගැහුවා. කිව්වොත් කිව්වා වගේ ඩයල් එකක්නේ. කොටින්ම පියුමි කාටවත් බයේ ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. කටකතා, අපහාස, නින්දා ඔය කිසිම දෙයක් පියුමිට අදාල නෑ. එයා එයාගේ ගමන එයා කැමති විදියට යනවා.

එහෙම කිව්වට මොකද පියුමි එක දෙයක් නිසා තමන් ගැනම ලැජ්ජ වෙනවා.

ඒකට හේතුව තමයි පියුමිට උයන්න පිහන්න බැරිකම. දැන් පියුමි පුතෙක් ඉන්න අම්මා කෙනෙක්නේ. ඒත් පියුමිට ඉවුම් පිහුම් වැඩ බැරිලු. අමාරුවෙන් හරි ඉව්වා කියමුකො. ඒත් කන්න බැරිලු.

පියුමිගේ අම්මා එදා ඉඳන්ම මේ ගැන කියලා පියුමිට බනිනවාලු.

ගෑනියෙක් වුණාම උයන්න පිහන්න පුළුවන් වෙන්න ඕනේ. මං නැති කාලෙක නොකා නොබී මැරෙන්න වෙයි.

පියුමිගෙ අම්මා මෙහෙම කිව්වත් තාමත් පියුමිට ඒ සාත්තරේ පිහිටලා නෑ. ඒක නිකම්ම පිහිටන්නේ නෑනේ. උයලා පිහලා පුරුදු වෙන්න ඕනේ.

ඉතින් පියුමි මේ නිසා තමන් ගැන ලැජ්ජා වෙනවලු. ඉස්සරහට උයන්න ඉගෙනගන්නවාලු.

පියුමි නිළියක්. නිරූපිකාවක්. ඒත් ඇයත් වඩාත්ම කැමති අම්මා කියන රෝල් එක ප්ලේ කරන්න. ඒකට ඉතින් උයන්න පිහන්නත් පුළුවන් වෙන්න ඕනේ. ඒ ගැන පියුමි ඉස්සරහට හිතාවි.

Show More
Close