
සාරංග දිසාසේකර ගැන පූර්විකා කියන්න අවශ්‍ය නැහැ. මේ කියන්න හදන්නේ ඔහු ගායනා කළ අපූරු ආදර ගීතයක් ගැන.
සාරංග මේ ගීතය ගායනා කරන්නේ මීට අවුරුදු ගාණකට ඉහතදී වුණත් ඔහු මේ ගීතය යූටියුබ් එකට අප්ලෝඩ් කරන්නේ ඊයෙ පෙරේදා.
හදිසියේම මේ ගීතය සිහිවුණේ ඇයිද කියන්න නම් අපි දන්නේ නැහැ. ඒත් ගීතයේ වචන නම් ඉතාම හරබරයි. ඒ වගේම සියුම් වේදනාවක් එක්ක දුර කල්පනාවකට හිත අරගෙන යනවා. සාරංගගේ සෞම්‍ය කටහඬ ගීතයෙන් දැනෙන කාංසාව තව තවත් තීව්‍ර කරනවා. නවරත්න ගමගේගේ මිහිරි සංගීතය ගලායන දොළපාරක් වගේ ලෙංගතුබවක් කියාපානවා.
දියපාර ගලා යන්නේ ගංඟාවට
ගඟ දෝරෙ ගලා යන්නේ
සාගරයට
හරි පාර කොහෙද ඇත්තේ
ආදරයට
මට පාර කියනවද…
හරි ආදරයට
ගංඟාවක් වුණත් ගලායන්නේ නිශ්චිත අවසානයකට.දොළපාරත් එහෙමයි. ඒත් ආදරයට යන හරි පාර කොහෙද තියෙන්නේ? ඇත්තටම ඒක ඇත්තක්. හරි ආදරයක් මුණගැහෙන තුරු අපි ආදර චාරිකාවේ සරනවා. සාරංගත් එහෙමයි. ආදරයට යන හරි පාර අඳුනන්නේ සැබෑ ආදරයක් මුණගැහුන අය විතරයි.
සාරංග දිසාසේකර ගායනා කරන මේ ගීතයේ ඉතාම සුන්දර වචන අහුර ප්‍රවීන ගීපද රචිකාවියක වන යමුනා මාලනී පෙරේරාගේ..