Daily News
Trending

මට නිශ්චිත මිලක් තියෙනවා – දුලීකා මාරපන




දුලීකා මාරපන කියන්නේ අපිට සිටින අතිශය දක්ෂ රංඟන ශිල්පිනිය. ඇය පහුගිය දවස්වල වැඩිපුර පේන්න හිටියේ නැහැ. ඒ ලෝරන්ස් ගේ මනමාලිය එක්ක දීර්ඝ යුරෝපා සංචාරයක නිරත වූ නිසා.

අනෙක් අතට දුලීකා රඟපෑ නිර්මාණ කිසිවක් මේ දවස්වල විකාශය වන්නේත් නැහැ. ඒ නිසා දුලීකාගේ රසවතුන්ට කාලයකින් ඇයව මුණගැසුනේ නැහැ.

ලෝරන්ස්ගේ මනමාලි වේදිකා නාට්‍යය මේ වෙද්දි 371 වාරයක් වේදිකාගත කරලා තියෙනවා ලු. දුලීකාගේ සුපර්ණා චිත්‍රපටයේත් මේ වනවිට සියලු වැඩ අවසන්. ප්‍රදර්ශනයට අවසර ලැබෙන කල් තමයි සුපර්ණා කණ්ඩායම බලාගෙන ඉන්නේ.

පුවත්පතකට අදහස් දක්වමින් දුලීකා, රංඟන වෘත්තිය සම්බන්ධයෙන් වැදගත් අදහස් කිහිපයක් ඉදිරිපත් කරනවා. ඇය කියන්නේ මේ ෆීල්ඩ් එකට ජාතික වැදගත්කමක් අවශ්‍යයි කියලා. මේ තියෙන සිස්ටම් එක ඇතුලේ එහෙන් මෙහෙන් ඇහිඳ ගන්නා කලාකරුවන්ටත් ප්‍රවීණ අයට වඩා ගෙව්ම් කරනවා. ඒ නිසා තමයි ඇය මේ යෝජනාව කරන්නේ.

දුලීකා පෙන්වා දෙන ආකාරයට ඇයට වෘත්තීය ජීවිතයේ මිලක් තියෙනවා. ඒ මිලට වඩා අඩුවෙන් ඇය වැඩක් භාරගන්නේ නැහැ. හැබැයි ඉතින් හිතවත් කමට වගේ නම් දුලීකා නිකම්ම වුණත් රඟපානවාලු. මොකද අඩු ගාණට රඟපානවාට වඩා නිකම්ම රඟපාන එක ඇයට අනුව නම්බුකාරයි ලු.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close