
කවුද මේ තිළිණි. තිළිණි කිව්වට එයාට තිළිණි පෙරේරා කියලා තමයි කියන්නේ. ඒ උනාට නිළියක් වුණාම ඒ අයගේ ඇත්ත ජීවිතේ නම් වලින් නම් කතා කරන්නේ හරිම අඩුවෙන්. මොකද හිට්වුණු drama එකක් තියෙනවාතනම් ඒ චරිතේ නමින් තමයි මේ අයට කතා කරන්නේ. කොහොම වුණත් තිළිණි මේ දවස්වල නම් බිසී වෙලා ඉන්නේ. මොකද එයා ඉත්තොන්ට මැදිවෙලා ඉන්න හින්දා. ඉත්තො කියන්නේ සියතෙ telecast වෙන අලුත්ම drama එක. මේ drama එකේ තිළිණි act කරන්නේ මනෝවෛද්‍යවරියකගේ චරිතයක්. එහාපැත්තෙන් මෙයාගේ supporting role එක තමයි රොෂාන් කරණවන. ඉතින් අන්න ඒක නිසා මෙයා දැන් තිළිණි නෙවෙයි. මෙයා පාරමි. හැබැයි ඉත්තො ටෙලියට විතරයි.
තිළිණි මේ වෙනකොට රඟපානවට අමතරව මනාළියන් නිරූපණයේත් යෙදෙනවා. නිරූපණයේ යෙදෙන ඒකට හේතුව විදිහට නම් එයා කියන්නේ කලාව කියන දෙයින් විතරක් ජීවත් වෙන්න බැරි හින්දා මනාළියන් නිරූපණයත් කරනවා කියලා. එයාට හරි අපූරැ ආසාවත් තිබුනාලු කවදාහරි දවසක වාහනයක් drive කරන එක. ඔන්න ඒක නං දැන් හරිලු. ලයිසන් එකක් අර ගත්තට තාම වාහනයක් ගන්න නම් බැරි උනාලු. එයාගෙ ඊලඟ අාසාව තමන්ටම කියලා වාහනයක් ගන්න එකලු. ඉතින් මෙහෙම ජීවිතේ ගත කරන තිළිණි ආදරේ කරන්නත් පටන් අරගෙනලු තියෙන්නේ. හැබැයි කාටවත් නෙමෙයි එයාටම.ඕන කෙනෙක් ඉතින් හිතාගෙන ඉන්නේ නිළියක් කිව්වම රඟපාන චරිත වල විදියටම එයාගේ ජීවිතෙත් ඇති කියලානෙ. හැබැයි ඉතින් ඒක එහෙම වෙන්නෙ නෑ. තිළිණි කියන විදියට තමන් කවුද තමන්ගෙන් සමාජයට වෙන්න ඕන මොකක්ද කියන දේ දැනගෙන ජීවත් වෙන එකලු වැදගත් වෙන්නේ.
ඉතිං එයාගෙ life එක ගැන නම් තිළිණි කියන්නේ මෙහෙමයි. ,එයාට වැරදුන තැන් ගොඩක් තියනවලු ඒවා හදාගෙන ඉදිරියට යන්නලු දැන් කල්පනා කරන්නේ. ඒවා පාඩමක් කරගෙන අනාගතයේ හොඳ විදියට ජීවත් වෙන එකලු අරමුණ වෙලාත් තියෙන්නේ.