Daily News
Trending

මං මගේ ස්කින් එකට ආසම නෑ- ටීනා ශනෙල් Hot Photos




තමන් ගැන ආඩම්බර හිතෙන්නේ?
මම ඉස්සර හිටපු තැනයි අද ඉන්න තැනයි ගැන හිතනකොට මම ආඩම්බර වෙනවා.

උපතින්ම ලැබුණා නම් හොඳයි කියලා හිතෙන දේවල් මොනවද?
මගේ ස්කින් එක ඉක්මනට පිම්පල්ස් හැදෙන ඔයිලි ස්කින් එකක්. ඉතින් මම ආසයි මගේ ස්කින් එකේ ඔයිලි ගතිය නැතිවුණා නම්. පිම්පල්ස් හැදෙනවාට මම චුට්ටක්වත් කැමති නෑ

ගැහැණියක් වීම කරදරයක් කියලා හිතිලා නැද්ද?
එහෙම හිතිච්ච අවස්ථා තියෙනවා. ඒත් ආයේ හිතෙනවා ගැහැණියක් වීම වාසනාවක් කියලා. මොකද ඒකනේ දෙවියෝ දුන්න දේ.

ජීවිතයට වඩාත්ම සමීප ගැහැණිය සහ පිරිමියා කවුද?
ගැහැණිය මගේ දෙවැනි අක්කා. පිරිමියා නම් ඉතින් බෝයි ෆ්‍රෙන්ඩ් තමයි.

වෙනස් ලිංගිකත්වයන් ගැන ටීනාගේ අදහස මොකක්ද?
ලෝකෙ ඉන්න හැම කෙනෙක්ටම ඔවුන් කැමැති විධියට ජීවත් වෙන්න සම්පූර්ණ නිදහස තියෙනවා. මොකද ඒක ඒ මිනිස්සුන්ගේ හෝමෝන වලින් එන දෙයක්. හැබැයි කිසිම දෙමව්පියෙක් කැමැති වෙන්නේ නැහැ තමන්ගේ දරුවා එවැනි වෙනස් ලිංගික හැගීම් ඇති කෙනෙක් ලෙස දකින්න. හැම කෙනෙක්ම හැඟීම් පාලනය කර ගැනීම එතැනදී වැදගත්.

සංස්කෘතිය සහ සදාචාරය කියන්නේ ආරක්ෂා කරන්න අවශ්‍ය දෙයක්ද?
ඒක වෘත්තියෙන් වෘත්තියට වෙනස් වෙනවා. අපේ ෆීල්ඩ් එක ගත්තාම අපිට වෙබ් සයිට්ස්වලින් ගොසිප් ගහන්නේ ගොඩක් වෙලාවට අපි අඳින පළදින දේවල් එක්ක. සදාචාරය මිනිස්සුන්ගේ ඇඳුමෙන් පැළඳුමෙන් මනින්න පුළුවන් කියලා මං හිතන්නේ නෑ

ලංකාවේ ඉපදීම ගැන මොකද හිතෙන්නේ?
දැනට නම් වාසනාවක් කියලා හිතෙනවා. ඉදිරියේදී නම් මොනවා හිතෙයිද කියන්න බැහැ. ලංකාවේ මිනිස්සුන්ගේ ගතියක් තියෙනවා, පොඩි හරි වැරැද්දක් වුණොත් ඒ දේ තමයි උළුප්පලා පෙන්වනනේ. අපි මොන තරම් හොද දේවල් ඒවා ඉක්මනට අමතක කරනවා. අන්න ඒ වගේ දේවල් නිසා නම් පිටරටකට යන්න හිතෙන්න ඉඩ තියෙනවා

දැකපු සුන්දරම ගැහැනු රූපය?
මම ලස්සනටම දැකලා තියෙන්නේ මගේ අම්මාව. ඊට පස්සේ මං ලස්සනම කියලා දැකලා තියෙන්නේ මගේ දෙවැනි අක්කාව

දැකපු කඩවසම්ම රංඟන ශිල්පියා?
දැකපු ගමන් පිස්සු හැදෙන තරමේ කෙනෙක්ව නම් මතකයට එන්නේ නෑ.

ටීනා වඩාත්ම දක්ෂ?
රඟපාන්න, නිරූපනයට, නටන්න මේ හැමදේටම දක්ෂයි

අපි නොදන්න සැගවුණු දක්ෂතා?
කතා කරන්න හරි දක්ෂයි. ඒ වගේම උයන්නත් දක්ෂයි

ටීනාට බැරි දේවල් මොනවද?
එහෙම බැරි දේවල් කියලා නම් නෑ. හැමදේම ටික ටික හරි පුළුවන්. බැරි දෙයක් තියෙනවා නම් ඉගෙනගන්නත් පුළුවන්

වඩාත්ම බිය මුසු අත්දැකීම
මං උස තැනකට ගිහින් පහළ බලන්න නම් බයයි.

ටීනාට අනුව මේ වෙලාවේ ලංකාවේ නම්බර් වන් මොඩ්ලර් කවුද?
කීපදෙනෙක් ඉන්නවා.
චූලක්ෂි, ඇමෙන්ඩා, අසංකි, තිළිණි, ඩැනියෙල් වගේ කීපදෙනෙක්ම ඉන්නවා. එක එක පැත්තෙන් ගත්තම දක්ෂ අය වෙනම ඉන්නවා. හැම අතින්ම දක්ෂ අය නම් අඩුයි.

ඒ අතර ඔයත් ඉන්නවාද?
ඒක මම කියන එක හරි නැහැ. මගේ නිර්මාණ බලන ප්‍රේක්ෂකයන්ට තමයි ඒ නිගමනය දෙන්න පුළුවන් වෙන්නේ.

ලංකාවේ වැඩිපුරම අය කරන මොඩ්ලර්ස්ලා කවුද?
ගොඩක් අය කියනවා මෙච්චර ගන්නවා. අච්චර ගන්නවා කියලා. හැබැයි ඇත්ත කතාව කියනවා නම් ඒ කියන්නේ බොරු. වැඩකට කතා කළාම ගොඩක් අය අඩු ගණන්වලට යනවා. හැබැයි අපිට බොරු කියනවා.

රංඟන ක්ෂේත‍්‍රයේ සමීපතමයින්?
එහෙම කවුරුවත් නෑ අනේ. මම මගේ වැඩේ කරගෙන ඉන්නවා. මොඩ්ලින්වල නම් යාළුවෝ ඉන්නවා.

සප‍්‍රයිස්වලට කැමැති ද?
ඒ තරම් කැමැත්තක් නෑ. ඒත් ආදරණීය කෙනෙක් කරන ස්ප්‍රයිස්වලට නම් ඉතින් කැමතියි.

සප‍්‍රයිස් කරලා තියෙනවාද?
ඔව් ඉතින් කරලා තියෙනවා.

දරාගන්න අමාරු ප්‍රෙක්ෂක ප‍්‍රතිචාර?
ලොකුවට කරදර එනවා නම් බ්ලොක් කරනවානේ.

දවස පටන්ගන්නේ?
ගොඩක් දවසට රෑට මූවිස් බලනවා. ඒ නිසා නැගිටින්න ටිකක් කම්මැලියි. වැඩක් තියෙනවා නම් කලින් නැගිටින්න වෙනවා. වැඩ අනුව ඉතින් දින චර්යාව වෙනස් වෙනවා

මේ වෙලාවේ රටේ තත්ත්වය ගැන මොකද හිතන්නේ?
මොකද වෙන්නේ කියලා තේරෙන්නේ නෑ. විපක්‍ෂයේ අය ආණ්ඩු පක්ෂෙට එනවා, ආයෙ විපක්ෂෙට යනවා. මොනවා වෙනවාද කියලා මට නම් තේරෙන්නේ නෑ.

මේ වන විට කවුද ලංකාවේ අගමැති?
අගමැති කවුද ඔක්කොම පැටලිලා තියෙන්නේ. අපි මේ බලාගෙන ඉන්නවා. රට සංවර්ධනය කරන, මිනිස්සු ගැන හිතන නායකයෙක් ආවොත් හොඳයි කියලා හිතනවා.

ටීනා කැමැති කවුරු අගමැති වෙනවාටද?
මගේ ෆීල්ඩ් එකත් එක්ක ගත්තාම නම් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලනයකට කැමතියි. එතුමා නිසා තමයි අධිවේගී මාර්ග හැදුනේ. ඇවිදින මංතීරු වගේ දේවල් හැදුනා. සංචාරකයන් එන රටක් බවට පත් වුණා. ඇත්තම කියනවා නම් එතුමන් නිසා අපේ වෘත්තියට වෘත්තීය භාවයක් ලැබුණා.

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close