
මාෂි කියන්නේ පුබුදුගේ ආදරණීය බිරිය. ඇයට තියෙනවා ඉතාම සුන්දර පෙනුමක්. මේ නිසා මාෂි ගැන බොහෝ දෙනා ආදරණීයව කතාබහ කරනවා. දැන් මාෂියි පුබුදුයි විවාහවෙලත් කාලයක් ගෙවිලා තියෙන්නේ.
තවමත් ඉතාම තරුණ වියේ පසුවන මාෂි විවාහයෙන් පස්සේ අඳින පළඳින විදිය වෙනස් කළා ද? මේ සම්බන්ධයෙන් පුවත්පත් සාකච්ඡාවකදි ඇය අදහස් දක්වලා තිබුණා.
ඉතින් මාෂි හුඟාක්ම කැමති චාම් විදියට ඉන්නලු. අමුතු ෆැෂන් කරන්න නම් මාෂිගේ කිසිම කැමැත්තක් නැහැ. මාෂි එයාගේ සිරුරට සහ පැහැයට ගැලපෙන විලාසිතා තමයි කරන්නේ.
සාමාන්‍යයෙන් වෙඩින් එකකට වගේ යනවා නම් ඇය ප්ලේන් කලර් සාරියකින් සැරසෙනවා. ගොඩක් ගෑනු ළමයි ඔරලෝසු පළඳිනවානේ. ඒත් මාෂි නම් ඔරලෝසුවලට පොඩ්ඩක් වත් කැමැති නැහැ. ඉස්කෝලේ විභාගෙට යද්දිත් ඇය ඔරලෝසුව පර්ස් එකේ දාගෙන තමයි ගිහින් තියෙන්නේ.
ඒ වගේම මාෂි හෑන්ඩ් බෑග් පාවිච්චි කරන්නත් විශේෂ උනන්දුවක් නැහැලු. කොහේ ගියත් ෆෝන් එකයි පර්ස් එකයි විතරක් අරගෙන යන්නලු ඇය කැමැති.
විවාහ වුණා කියලා අපිට ෆැෂන් කරන්න තියෙන අවකාශය ඇහිරෙනවා වෙන්න බැහැනේ. ඒත් එහෙම වෙන්න නම් හොඳින් තේරුම් ගත්ත පෙම්වතෙක් හෝ පෙම්වතියක් ලැබෙන්න ඕනේ. ඒ තේරුම්ගැනීම පුබුදුට තියෙනවා කියලත් ඇය කියනවා.