
භාතිය සහ සන්තුෂ් කියන්නේ දේශීය සංගීතය ජාත්‍යන්තරය දක්වා රැගෙන යාමට සමත් වූ ලාංකික සංගීතඥයින් දෙදෙනකු සහ ගායකයින් දෙදෙනෙක්. ඔවුන් සමඟ ජාත්‍යන්තරය හඹා යන ගමනට උමාරියා ද එක් වෙනවා.
භාතිය සන්තුෂ් එක්ව දේශීය සංගීතයට එක් කළ ආලෝකය අසල්වැසි ඉන්දියාවට ද දැනෙන්න පටන් ගන්නවා. ඉන්දීය ප්‍රවීණ ගායිකා ආශා බෝස්ලේ සමඟ පවා ගීත නිර්මාණය කරන්න භාතිය සන්තුෂ්ට අවකාශය හිමි වන්නේ ඒ නිසයි.
ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමී චරිතයක් වන මහත්මා ගාන්ධිතුමා ගේ 150 වැනි ගුණානුස්මරණය වෙනුවෙන් නිර්මාණය වන ගීතය භාතිය – සන්තුෂ්ට පැවරෙන්නේ එම විශ්වාසය තව තවත් තහවුරු කරමින්. ඒ අනුව නිර්මාණය වුණ ගීතයට උමාරියා සිංහවංශගේ මියුරු හඬ එක් වෙනවා. මේ ගීතය නිර්මාණය වන්නේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංකල්පයකට අනුව.
පහුගිය දවසක ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදියාවේ සංචාරයක නිරත වූ අවස්ථාවෙදී අග්‍රාමාත්‍ය මෝදි මහතා ඒ පිළිබඳව පැසසුම් කළ බවත් මාධ්‍ය වාර්තා කරනවා.