GossipsHollywood & Bollywood
බොලිවුඩ් සුරූපී නිළි දීපිකා පදුකෝන් හොලිවුඩ් සිනමාව උඩුයටිකුරු කිරීමේ ගමනක.

xXx කියන්නේ ලොව පුරා ප්‍රේක්ෂකයින් ආදරයෙන් වැළඳගත්ත ෆිල්ම් සීරීස් එකක්. මේ චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු මේ වනවිට ආරම්භ කරලා තියෙනවා.
හොලිවුඩය කියන්නේ ජනප්‍රියම සහ පොහොසත්ම ෆිල්ම් ඉඩස්ට්‍රි එක තියෙන තැන. හොලිවුඩයට නළු නිළියන්ගේ හිඟයක් කොහෙත්ම තියෙන්න විදියක් නැහැ. ඒත් ඉන්දියානු සුරූපි නිළි දීපිකා පදුකෝන් හොලිවුඩ් නිළියන් අතර තරඟකාරී ගමනක නිරත වෙනවා. ඇය ඒ තරගයෙන් ජයගෙන xXx සඳහා යලිත් වතාවක් සම්බන්ධ වෙනවා. ඒක බොලිවුඩ් නිළියක් විදියට දීපිකා අත්පත් කරගත් සුවිශේෂී ජයග්‍රහණයක්. ඒ වගේම ලෝක සිනමාවට අවතීර්ණවීමට දකුණු ආසියානු කලාපයට ලැබුණ සුන්දර අවකාශයක්.
xXx කතා මාලාවේ අධ්‍යක්ෂ වන්නේ ඩී.ජේ. කෲසෝ. ඔහු Twitter පණිවුඩයක් නිකුත් කරමින් තම නවතම චිත්‍රපටයට දීපිකා පදුකෝන්ව තෝරාගත් බව නිවේදනය කළා.
වසර 2017දී තිරගතවූ xXx චිත්‍රපට මාලාවට අයත් The return of Xander කියන චිත්‍රපටය සඳහා පළමු වරට රංඟනයෙන් දායක වූ දීපිකා පදුකෝන් ඒ හරහා අතිෂය ජනප්‍රිය වුණා. එම චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා බිඳහෙලමින් ලෝකය පුරා තිරගත කෙරුණා.
xXx චිත්‍රපට මාලාවේ පළමු චිත්‍රපටය තිරගත කෙරුණේ 2002 වර්ෂයේදීයි. 2005 වර්ෂයේදී එහි දෙවැනි චිත්‍රපටය තිරගත කෙරුණා.
ක්‍රමක්‍රමයෙන් හොලිවුඩ් සිනමාව ආක්‍රමණය කරමින් සිටින දීපිකා පදුකෝන් අවසන් වරට සහභාගී වූ බොලිවුඩ් සිනමාපටය වුණේ පද්මාවද් චිත්‍රපටය. ඉන්දියාවේ එක් පාර්ශ්වයකින් මතුව ආ විරෝධය නිසා පද්මාවද් ද ලෝක අවධානයට නතු වුණා. කොහොම වුණත් මේ දීපිකාගේ කාලය බව තමයි බොහෝ විචාරකයින් පවසන්නේ.