Daily News
Trending

බොලිවුඩ් නළු නිළියන් පිස්සු වට්ටපු දුශේනිගේ නර්තනය.




තවම ක්ෂේත්‍රයට ආධුනික නිළියක් වූ දුශේනි, මේ වෙද්දී ජාත්‍යන්තරයටත් ගිහින් ඉවරයි. ජාත්‍යන්තර තලයේ වෙබ්සයිට්ස්වල දුශේනිගේ ඡායාරූප පළවෙලා තිබුණේ ශ්‍රී ලංකන් මිස් ශ්‍රී ලංකා කියලා.

ඉන්දීය සිනමාවේ කඩවසම් නළු සිද්ධාර්ත් මල්හෝත්‍රා එක්ක හරි හරියට ඩාන්ස් කරන්න චාන්ස් එකක් ලැබුණ ලාංකාවේ එකම රංඟන ශිල්පිනිය වුණේ ඇය. මේක දුශේනිගේ වාසනාවට ලැබුණ චාන්ස් එකක් කියලයි ඇය විශ්වාස කරන්නේ. රියැලිටි තරඟවලදී කල්තියාම දුශේනිගේ දක්ෂතා දැකලා තිබුණ නිසා හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝර්ඩ්ස් සඳහා දුශේනිගෙන් ඇක්ට් එකක් ඉල්ලලා තිබුණා. ඒත් ඒක සිද්ධාර්ත් මල්හෝත්‍රා එක්ක වෙයි කියලා නම් දුශේනි දැනගෙන හිටියේ නෑ. අන්තිමට දුශේනිට ඩාන්ස් කරන්න තියෙන්නේ සිද්ධාර්ත් එක්ක කියලා දැනගත්තාම ඇයට අදහාගන්න බැරිවෙනවා. කොටින්ම සිද්ධාර්ත්ව ඇස් දෙකට දැකපු වෙලාවේ දුශේනිට පිස්සු හැදුනාලු.

සිධාර්ත් සහ දුශේනිගේ ඇක්ට් එකට මේ දෙන්නම එකතු වෙලා පුහුණුවීම් කරන්නේ පැය තුනක විතර කාලයක්. ඇය මුලදී නම් තරමක් බය වෙලා තමයි හිටියේ. නමුත් ඉක්මනින්ම ඒ චකිතය ඉවත් වෙනවා. ඒ තරම් හොඳ සහයෝගයක් ඇයට සිද්ධාර්ත්ගෙන් ලැබෙනවා.

කොහොම වුණත් අවසානයේ දුශේනිගේ නර්තනය සම්බන්ධයෙන් ඉතාම හොඳ ප්‍රතිචාර ලැබුණා. කොටින්ම මේ අවස්ථාවේ ප්‍රේක්ශාගාරයේ අසුන්ගෙන සිටි ගෝවින්ද, යාබද අසුනක සිටි කෙනෙක්ගෙන් දුශේනි ගැන විමසලා තියෙනවා.

දුශේනිගේ ඩාන්ස් එකෙන් පස්සේ ජුහී චව්ලා පෞද්ගලිකවම දුශේනිට සුබ පතනවා. ඒ වනතුරු ජුහී දැනගෙන ඉඳලා නෑ ලංකාවේ කෙල්ලො නර්තනයට මේ තරම්ම දක්ෂයි කියලත්.

දුශේනි දැනටමත් පෙම්වතියක්නේ. ඉතින් සිද්ධාර්ත් එක්ක නර්තනයේ යෙදෙනවාට මුලදී පෙම්වතාගේ ඒ හැටි කැමැත්තක් තිබිලා නෑ. කාටද අනේ ඉතින් පුංචි ඉරිසියාවක් ඇති නොවන්නේ. හැබැයි දුශේනිගේ පෙම්වතා නම් පස්සේ වැඩේට සෑහෙන සපෝර්ට් එකක් දීලා තියෙනවා. දුශේනි සහ සිද්ධාර්ත්ගේ නර්තනය වීඩියෝ කරලා තිබුණෙත් ඇගේ පෙම්වතා.

ආරංචි විදියට නම් දුශේනිගේ නර්තනය සම්බන්ධයෙන් සිද්ධාර්ත් සෑහෙන සතුටු වුණාලු.

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close