
Buvini Diyalagoda Exclusive from Starfriends.lk
බුවිනි ෆීල්ඩ එකට එන්නේ අක්කාගේ අඩි පාර් ගිහින්. ඊට පස්සේ බුවිනිගේ අක්කා තරමක් දුරට රංඟනයෙන් ඈත් වෙනවා. වත්සලා විවාහ ජීවිතය නිසා කාර්යබහුල වෙලා ඒ ජීවිතයට මුල්තැනදෙන අතරේ බුවිනි රංඟනයේ නිරත වෙනවා. ඊට පස්සේ බුවිනිගේ ජීවිතයත් වෙනස් වෙනවා. ඇය විවාහ ජීවිතයට පිවිසෙන්නේම රංඟනයෙන් සමුගන්නා බව ප්‍රකාශ කරලා. පෞද්ගලික ජීවිතයට වැඩි වැදගත්කමක් දුන්න බුවිනිට මේ ළඟදි දවසක අපූරු තෑග්ගක් ලැබිලා තියෙනවා.
විවාහ වුණා කියලා හස්බන්ඩ්ලාට හැම තිස්සේම තමන්ගේ වයිෆ් ළඟට වෙලා ඉන්න බැහැනේ. ඒත් රංඟනයටත් සමුදුන්නාට පස්සේ බුවිනිගේ ජීවිතයට ඕන තරම් විවේකය ලැබෙනවා. ඒත් විවාහයෙන් පස්සේ ගෙදර තනිවෙනවා කියන්නේ හිතට හරිම පාළුවක්නේ. මෙන්න මේ පාළුව නැති කරන්න බුවිනිගේ හස්බන්ඩ් බුවිනිට අපූරු දෑග්ගක් දෙනවා. මේ තෑග්ග ලැබිලා තියෙන්නේ නම් හරියටම පෙම්වතුන්ගේ දවසට කලින් දවසේ. නිවසට වෙලා ගෙවෙන බුවිනිගේ ජීවිතයේ පාළුව තනිකම නැති කරන්න ආපු මේ අලුත්ම අමුත්තා හුරතල්ම හුරතල් බව්වා පැටියෙක්. දැන් ඉතින් ගෙදර ඉන්න වෙලාවට බුවිනිගේ ජීවිතය වැඩිපුරම ගතවෙන්නේ මේ බලුපැටියාට සාත්තු කරන්නලු.
බුවිනි මේ විස්තර නම් දාලා තිබුණේ එයාගේ ෆේස්බුක් පිටුවට. බුවිනිගේ අත ගත්තේ ව්‍යාපාරිකයෙක්. ඔහුගේ ව්‍යාපාර කටයුතු වලටත් උදව්වක් වෙන්න අවස්ථාවක් හොයාගන්න අවශ්‍ය නිසා බුවිනි කලින්ම රංඟනයෙන් ඈථ්වන තීරණය ගත්තා කියලා ඒ දවස්වල මාධ්‍යයට කියලා තිබුණා. මේ ෆීල්ඩ් එකට ඇවිත් ඉතාම කෙටි කාලයක් තුළ ඇය සාර්ථකත්වයක් අත්පත් කරගන්න සමත් වෙනවා. බුවිනි නැඟී එන ජනප්‍රිය නිළියට හිමි සම්මානය පවා දිනාගන්නවා. කොහොම වුණත් බුවිනි තේරුම් අරගෙන ඉන්නා විදියට රංගනය කියන්නේ හිතුන හිතුන වෙලාවට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන්න ඔ්නේ. මේ කාරණා නිසා බුවිනි රංඟනයට සමු දීමේ තීරණය ගන්නවා. ඒත් ඉතින් ගොඩක් හොඳ නිර්මාණයක් ලැබුණොත් සමහර විට බුවිනි ආයෙත් රඟපාන්න ඉඩ තියෙනවා.
Buvini Diyalagoda Exclusive from Starfriends.lk