
විශ්ව කොඩිකාරට පහුගිය දවසක පොලිසි යන්න සිදුවෙනවා. ඒක වෙන්නේ ඔහුගේ බිරියට සිදුවෙච්ච හිරිහැරයක් නිසා.
විශ්ව තමන්ගේ බිරිය සමඟ කටුගස්තොට ප්‍රදේශයේ සුපර් මාර්කට් එකකට ගිහිං තියෙනවා. ඒ යද්දි සුපර් මාර්කට් එකේ සිටි පුද්ගලයෙක් අනවශ්‍ය විදියට විශ්වගේ බිරියව ස්පර්ශ කරලා. එහෙම කරන්නේ නිකන් නෙමෙයිනේ. ඒ මනුස්සයට ඕන වෙන්නේ ගැහැනියකට හිරිහැර කරන්න.
මේ සිදුවීම නිසා විශ්වට හොඳටම කේන්ති යනවා. අන්තිමේ කටුගස්තොට පොලිසියට යාම දක්වාම වැඩේ දුරදිග යනවා.
විශ්වගේ බිරියට හිරිහැර කරන්න උත්සාහ ගත්තා කියලා කියන පුද්ගලයා නම් කියන්නේ එහෙම දෙයක් තමන් සිදු කළේ නැහැ කියලා. නොකළ වරදකට ටෙලි නළුවාගෙන් පහරකන්න සිදුවුණා කියලත් ඔහු කියනවා.
ඒත් ඉතිං සුපර් මාකර්ට් එකක් වගේ ප්‍රසිද්ධ තැනක විශ්ව නිකන්ම නිකන් මනුස්සයෙක් එක්ක පැටලෙන්නේ නැහැනේ. ඒකටත් හේතුවක් තියෙන්න ඕනේ. අනික තමන්ගේ ඉස්සරහාම බිරියට හිංසනයක් වෙනවා නම් කොයි සැමියත් ඒක ඉවසන්නේ නැහැ.
මේ වෙද්දි කටුගස්තොට පොලිසිය සැකකරුව අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. කාන්තාවකට නිදහසේ යන්න එන්න බැරි වටපිටාවක් හදන නැහැදිච්ච පිරිමින්ට නම් පාඩමක් ඉගැන්නුවාට වරදක් නැහැ. ඒ නිසා විශ්ව කරපු දේට අපි නම් එකඟයි.