
බිමල් ජයකොඩි දන්නවනෙ. දැන් බිමල් නළුවෙක්, ගායකයෙක් වගේම නිවේදකයකුත් වෙනවා.
ළඟදි දවසක බිමල් පිටකොටුවේ හරස් වීදියක ඇවිදගෙන යනවා. ඒ වෙලාවේ වීදියෙන් ගරායකෙක් මතුවෙනවා. මහ දවාලේ සෙනඟ ගැවසෙන පිටකොටුවේ හරස්වීදියේ තෙරපුණ මිනිස්සු අතරින් එකම එක මනුස්ස පුළුටක් පස්සෙ විතරයි පන්නන්නෙ. යකාට ඕනෙ බිමල්ව.යකා ගහන්නෙ බිමල්ට. ඒත් බිමල් යකාට බය වෙන්නෙ නෑ.
“යකා ගිය මග යකාට ගියාවේ” එහෙම කියලා බිමල් තමන්ගෙ ගමන යනවා.
මේ දර්ශන අපිට මුණගැහෙන්නෙ අන්තර්ජාලයෙන්. කරුණු හොයලා බැලුවම මේක අලුත්ම රූපවාහිනී වැඩසටහනක් පිළිබඳ ඉඟියක් දෙන්න කරපු වීඩියෝවක්.
“උමතු addict” කියලා තමයි මේ වැඩසටහන නම් කරලා තියෙන්නෙ. හිරු නාලිකාවෙන් විකාශයවන මේ ගවේශනාත්මක වාර්තා වැඩසටහන ඉදිරිපත් කරන්නෙ බිමල්. අපේ රටේ විවිධාකාර මත් ද්‍රව්‍යවලට ඇබ්බැහිවෙලා ජීවිතය විනාශ කරගත්ත මිනිස්සු කීදෙනෙක් ඉන්නවද? මේ කියන්නෙ ඒ අයගෙ කතාව. තමන්ගෙ ජීවිතවල මත් යකාට සැරිසරන්න ඉඩ දීලා විනාශ වෙනවද ? යකා ගිය පාර යකාට ගියාවෙ කියලා අපි අපේ ගමන යනවද? බිමල් කියන්නෙ ඒ ගැන.