
Bimal Jayakodi Exclusive from Starfriends.lk
බිමල් ජයකොඩි (Bimal Jayakodi) සෑබෑ ජීවිතයේ දී දරු සුරතල් නොබැලුවත් රංඟන දිවියේ දී ඔිනෑ තරම් දරු සුරතල් බලා තිබෙනවා. සුජානිගෙයි බිමල්ගෙයි සුන්දර කැදැල්ලට පුංචි පැටියෙක් ඉක්මනින්ම එකතුවේවි. ඒ ආදරණීය ප්‍රාර්ථනාව එකතු කරන ගමන් බිමල් දරු සුරතල් බලන අපූරුව දිගහැරෙන ළමා සිනමා කෘතියක් පිළිබඳව විස්තර කියන්නයි මේ සූදානම.
මේ දිනවල ˝ටවුමේ ඉස්කෝලේ˝ නමින් තිරගතවන, ළමයින්ට වඩාත්ම සුදුසු සිනමා නිර්මාණයට බිමල් සම්බන්ධ වන්නේ ආදරණීය පියකුගේ චරිතයකින්. මේ සිනමා පටය තිර රචනය කර අධ්‍යක්ෂණය කරන්නේ සහය අධ්යක්ෂවරයෙක් සහ තිර පිටපත් රචකයෙක් ලෙස ප්‍රසිද්ධියක් ලබා සිටි සුනිල් ප්‍රේමරත්න. ටවුමේ ඉස්කෝලේ, සුනිල්ගේ පළමු සිනමා නිර්මාණයද වනවා. බිමල් ජයකොඩි, කුමාර තිරිමාදුර, තාරුකා වන්නිආරච්චි, රොෂාන් පිළපිටිය,සුසිලා කෝට්ටගේ ඇතුළු ප්‍රවීණ ශිල්පීන් මෙන්ම ප්‍රභාෂි පල්ලියගේ, මෙලිෂා යෙනුලි, යොහානි හංසිකා, දිනුර නාගසිංහ ඇතුළු ළමා නළු නිළියන් රැසක් මෙහි රංඟනයෙහි යෙදී සිටිනවා. ටවුමේ ඉස්කෝලෙට සංගීතය සපයන්නේ දර්ශන වික්රමතුංගය. ශසිකා නිසංසලා, දර්ශන දිසානායක, කුමාරි දසනායක සහ ළමා ගායිකා යෙහානි මුනිෂිකා ගීත ගායනයෙන් මීට සම්බන්ධ වී ඇත. ටවුමේ ඉස්කෝලේ සඳහා මනරම් දර්ශන සැපයෙන්නේ බුද්ධික මංගලගේ කැමරාවෙනි. ඉයෝන් ෆිල්ම්ස් වෙනුවෙන් දම්මික අතපත්තු ටවුමේ ඉස්කෝලේ නිෂ්පාදනය කරයි.
බිමල් සමඟ තාරුකා වන්නිආරච්චි මෙම සිනමා කෘතියෙහි අඹුසැමියන් ලෙස රඟපාන අතර කුඩා දරුවන් සමඟ ගෙවෙන අපූරු සිනමා අත්දැකීමක් බව ද කිව යුතුය. අපි ඔයාලාට ටවුමේ ඉස්කෝලේ සිනමා කෘතියෙහි කතාව සංක්ෂිප්තව කියන්නම්.
කුරුණෑගල ප්‍රදේශයේ ඉතා සුන්දර ගමක වෙසෙන නන්දනී සහ සුරේන්ද්‍රගේ සුරතල් දියණිය වන ශනලී ශිෂ්‍යත්ව විභාගය ඉතා ඉහළින් සමත් වෙලා ටවුමේ ඉස්කෝලෙකට යනවා. මේ සම්බන්ධව ශනලීගේ මව ඉතාමත් සතුටු වුණත් ශනලීගේ පියා වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. එහෙත් මවගේ බල කිරීම මත පියාද කැමැත්ත පල කරනවා.
ශනලීට සමාන රූපයකින් යුත් කවීෂා ශනලිගේ පන්තියේ සිටින ඉතා දක්ෂ ජනප්‍රිය දරුවෙක්. කවීෂාගේ මව එම පාසලේ ගුරුවරියක්. පියා උඩරට ප්‍රදේශයේ වතු අධිකාරිවරයෙක්. කවීෂාගේ මව වන ගයත්‍රි සිය දියණිය ගේ දක්ෂතා ගැන ආඩම්බර වන කෙනෙක්.
මාස කීපයක් ගෙවී යද්දී ගමෙන් පැමිණි ශනලී ක්‍රමයෙන් සිය දක්ෂතා පෙන්වමින් මෙතෙක් ඉහළින් සිටි කවීෂා සමග සම මට්ටමට පැමිණෙනවා. මේ සම්බන්ධයෙන් කවීශාගේ මව නොසතුටු වෙනවා. එතැනින් එහාට ශනලිගේ ඉරණම කෙසේ විසඳේවිද? ටවුමේ ඉස්කෝලේ සිනමාපටයෙන් ඒ ප්‍රශ්නයට පිළිතුරු සැපයෙනවා.
Bimal Jayakodi Exclusive from Starfriends.lk