Daily News
බාචියි උමාරියායි සින්දු කියද්දි සාරංග රඟපාන ‘සරුංගල්’ රිදී තිරයට.Exclusive Photos
Saranaga Disasekara

Saranaga Disasekara New Movie Exclusive from Starfiends.lk
මේ දවස්වල වැඩිම අවධානයක් දිනා ගත්ත සිනමා නිර්මාණය වන්නේ එකෝඩින්ටු මැතීව්. ඒ්කට හේතුව වන්නේ සම්මානනීය සිනමා අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම්ගේ සිනමා නිර්මාණයක් වීම සහ එහි ප්‍රධාන නිළි භූමිකාවට සුපිරි බොලිවුඩ් නිළි ජැකොලින් ෆර්ඩිනැන්ඩස් සහභාගී වීම. අනෙක් අතට තවමත් සිනමා ශාලාවල උදුම්බරා තිරගත කෙරෙනවා. ඉතාම මෑතකදී රිදී තිරයට ආවේ ආදර කතාවක් පසුබිම් කරගත් සරුංගල් කියන සිනමා නිර්මාණය.
හරියටම පසුගිය 14 වැනි දා සිට සරුංගල් තිරගත වීම අරම්භ වනවා. සාරංග දිසාසේකර, චමත්කා ලක්මිණී, චරිත් අබේසිංහ, ශාලිකා එදිරිසිංහ, සූරියා දයාරුවන්, ජනක රණසිංහ ආදී නළු නිළි පිරිසක් රංඟනයෙන් දායක වන මෙම සිනමා පටය ප්‍රවීන රංඟ වේදී බන්දුල විතානගේ මහතාගේ පුත් නාලක විතානගේ ගේ අධ්‍යක්ෂණයක්.
‘ෆැන්ටසි ආදරයක රියැලිටි අරුමැසිය’ යන තේමා පාඨය ඔස්සේ ගොඩනැෙගෙන සරුංගල්, නූතන ප්‍රේම කතාන්දරයෙන් වෙනස් වනවා. ප්‍රධාන චරිත 4ක් වටා ගොඩනැගෙන මෙම සිනමා කෘතියෙන් ආදරය, ෆැන්ටසිය සහ රියැලිටිය අතර සම්බන්ධතාව පිළිබඳව විග්‍රහ කරනවා. මෙහි ගීත ගායනයට මෙරට අති දක්ෂ යොවුන් ගායිකාවක් සේ සැලකෙන උමාරියා සිංහවංශ සහ අති දක්ෂ ගායකයකු සේ හඳුනාෙගෙන සිටින භාචි සුසාන් සහභාගී වනවා. ධනුක බාලාරච්චි කලා අධ්‍යකෂණය කළ සරුංගල් සිනමා පටය රංග දසනායක ගේ සංගීතයෙන් හැඩ වූවක්.
සරුංගල්හි අධ්‍යක්ෂවරයා සම්බන්ධයෙයෙන් කියනවා නම් ඔහු මේ වනවිට සිනමා නිර්මාණ කිහිපයක් අධ්‍යක්ෂණය කරන්න සමත් වූ තරුණ අධ්‍යක්ෂවරයෙක්. පිය පාර්ශ්වයෙන් ලැබුණ කලාවට හිතැති ජානමය බලය නිසා ඔහු කලාවේ මෙතුවක් කල් රැඳී සිටිනවා. ඉතින් නාලකගේ අලුත්ම සිනමා නිර්මාණය රසවිඳින්න ඔයාලටත් දැන් අවකාශය උදාවෙලා තියෙනවා. සාරංග දිසාසේකර සහ සූර්ය දයාරුවන් යන දෙදෙනාම සිනමා නිර්මාණයකින් මේ විධියට දකින්න ලැබුණේ කලාතුරකින් නිසා ඔවුන්ට ආදරය කරන රසික රසිකාවන්ට මෙම පුවත සුබදායී ඒකක් වේවි.
Saranaga Disasekara New Movie Exclusive from Starfiends.lk