GossipsHollywood & Bollywood
Trending

බ්‍රැඩ් පිට් ට සුපිරි නිළියන් නිසා ලව් එපාවෙලා.

Brad Pitt




Brad Pitt, Brad Pitt And Angelina Jolie’s Divorce Exclusive from Starfiends.lk

හොලිවුඩ් සුපිරි නළු බ්‍රැඩ්පිට් (Brad pitt) ගැන ඉතින් ආයේ අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. බ්‍රැඩ්පිට්ගේ අත ගත්තේ සරාගී බොලිවුඩ් නිළි ඇංජලීනා ජොලී (Angelina Jolie).

ඒත් ඇංජලීනාගේ අත ගන්න කලින් බ්‍රැඩ් පිට් තවත් සුපිරි තාරකාවකගේ ස්වාමිපුරුෂයා බවට පත්වෙලා හිටියා. ඇය ජෙනිෆර් ඇනිස්ටන් (Jennifer Aniston). මේ විවාහය වැඩිකල් තිබුණේ නැහැ. බ්‍රැඩ්පිට් – ජොලී ආදර කතාව පටන් ගන්නේ ඊට පස්සේ. හොලිවුඩ්වල නම්බර් වන් නිළිය වෙලා හිටියේ ජොලීනේ. කොහොම වුණත් ජොලී-බ්‍රැඩ්පිට් ආදර කතාවටත් වැඩි ආයුෂ තිබුණේ නෑ.

Brad Pitt And Angelina Jolie – Brad Pitt And Angelina Jolie’s Divorce

මේ දවස්වල දෙන්නා ඉන්නේ දෙපැත්තට වෙලා. දෙසැම්බර් වෙද්දී නීත්‍යානුකූලම මේ වෙන්වීම තහවුරු කරන්නත් ජොලී සහ බ්‍රැඩ්පිට් කටයුතු කරගෙන යනවා. සුපිරි නිළියන් දෙදෙනකු එක්ක දීග කාපු බ්‍රැඩ්පිට්ට ආදරේ කිරිල්ලයි විවාහයයි කියන දෙකම එපාම වෙලාලු. කොටින්ම ආයේ ආදරය කරන්නවත් විවාහ වෙන්නවත් අදහසක් නෑලු.

එච්චරට එපා වෙන්න නම් මේ සුපිරි නිළියන්ගෙන් බ්‍රැඩ්පිට්ට සුළුපටු කරදරයක් ද තියෙන්න ඇත්තේ? අනේ මන්දා, කොහොම හරි මේ වනවිට බ්‍රැඩ්පිට් ඉන්නේ ආදරයත් අරහං වෙච්චි මානසිකත්වයක.

බ්‍රැඩ්පිට්ට ආදරය කරන කට්ටිය නම් කියන්නේ ඔහුට එපාවෙලා තියෙන්නේ සුපිරි නිළියන්ට ආදරය කරන එක විතරයි කියලා. සාමාන්‍ය කෙල්ලකට ආදරය කරන්න බ්‍රැඩ්පිට්ට තවමත් පුළුවන්ලු. බලමු ඉතින් ඔය කිව්වට බ්‍රැඩ්පිට් කී දවසක් ඔය ප්‍රතිපත්තිය රකීවිද කියලා. හිත කියන එක මොකෝ අල්ලලා නතර කරන්නද? ගියොත් ගියාම තමයි.

Brad Pitt and Angelina Jolie
Brad Pitt and Angelina Jolie

 

Brad Pitt, Brad Pitt And Angelina Jolie’s Divorce Exclusive from Starfiends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close