Daily NewsGossipsHollywood & Bollywood
Trending

බල්ලට ගිය ශ්‍රද්ධාගේ love එක. . .




බොලිවුඩ් කියන්නෙ ඉතින් ලේසි පහසු වැඩ සිද්ධ වෙන තැනක් නෙමෙයි. වැඩේට බැස්සොත් ඉතින් වැඩේම තමයි ඉන්න ඕනා. සමහර වෙලාවට ඉතින් කන්න බොන්නවත් වෙලාවක් නැති වෙයි. ඒක තමයි ඉතින් හැටි. ඒගොල්ලන්ට අංක එක රාජකාරිය. මොකද ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක කියන්නෙත් ඉන්දියාවට මූලිකම ආදායම් මාර්ගයක් ගේන එකක්නේ. නිකමට හිතලා බලන්නකෝ ඉන්දියාවේ artistලාට කොහොමද තියෙන බිසීය කියලා. කෙලවරක් නෑ ඉතිං වැඩ වැඩ වැඩම තමයි. තමන්ගෙ දෙයක් කර ගන්නෙත් ඉතින් බොහොම අමාරුවෙන්. සමහර වෙලාවට ගෙදර මිනිස්සු මේ ගොල්ලෝ දකින්නෙත් කාලාන්තරයක් ගියාට පස්සෙත් වෙන්න ඇති. එහෙමත් නැත්තං ඉතින් තමන්ගෙ ඉතුරැ වෙලාවත් අනම්මනං වැඩ වලට සෙට් කරගන්න නිසා බිසීයනම් අති ඉහළයි. බොලිවුඩ් වල නම් ඉතින් ආර්ටිස්ලා හැමෝම වගේ පුදුමාකාර බිසීය කින් එහෙමෙහෙ දුවන්නෙ. ශ්‍රද්ධා කපූර් කියන්නෙත් ඒ වගේ බිසීපිට මේ දවස් වල එහෙ මෙහෙ දුවන නිළියක්. එයා මේ දවස්වල බිසීවෙලා ඉන්නේ සහෝ ෆිල්ම් එකේ වැඩ කරන නිසා.

කොහොමහරි ඔස්ට්‍රියාවේ කරපු මේ ෆිල්ම් එකේ ෂූට් එකෙන් පස්සෙ ශ්‍රද්ධා ඉන්දියාවට ඇවිල්ලා බොහොම ඉක්මනින් තමන්ගේ ගෙදරට දුවලා ගියා. ගොඩක් දෙනෙක් හිතුවේ ඉතිං හෝම් සික් එක හින්දා කියලා. ඔව් ඉතින් බලාගෙන ගියාම ඒකත් එක්තරා සික් එකක් තමයි. ඔස්ට්‍රියාවේ ගිහිල්ලා ඉන්දියාවට ආපු ශ්‍රද්ධා කොන්දේසි විරහිත ආදරයක් ගැන විස්තරයක් Instragam එකේ දාලා තිබ්බා. නිකන් නෙවෙයි වීඩියෝ ක්ලිප් එකකුත් එක්ක. තැඹිලි පාට ටී ෂර්ට් එකක්, කළු කලිසමක්, කළු සපත්තු දාලා හිටිය ශ්‍රද්ධා එයාගෙ ආදරේ ගැන කතා කරේ කරේ හරිම සතුටු සිතින්. දන්නවද ඉතින් මේ බිසිය මැදින් දුවගෙන ඇවිල්ලා කියපු ආදරේ කවුද? කාගෙද කියලා. ඒ වෙන කවුරුත් නෙමේ ශ්‍රද්ධාගේ සුරතල් බල්ලා ශෛයිලෝ.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close