
පොඩි මල්ලියි චූටි මල්ලියි ගැන ඔයාලා දන්නවානේ. මේ කියන්න හදන්නේ ඒ දෙන්නා එකතුවෙලා අපිට කියන ලොකූ පණිවුඩයක් ගැන.
පොඩි මල්ලි ඒ කිව්වෙ ගාමින්ද කොයිවෙලෙත් බලන්නේ ලොකු ලොකු වැඩ කරන්න. චූටි මල්ලි පඩිපෙලෙන් නැගලා ඔෆිස් යද්දී පොඩි මල්ලි ලිෆ්ට් එකේ යන්නේ චූටි මල්ලිට කින්ඩියකුත් දාගෙන. හැබැයි ඉතින් පොඩි මල්ලිගේ බඩ පොඩ්ඩක් වැඩියි. බඩ අඩු කරගන්නත් පොඩි මල්ලි උපක්‍රමයක් යොදනවා. ඒ කියන්නෙ ජිම් එකකට යන්නලු හදන්නේ. ඒත් චූටි මල්ලිගේ ඒ වගේ ලොකු වැඩ නෑ. චූටි මල්ලි ලිෆ්ට් එක තියෙද්දී පඩි නැගගෙන ගිහින් බඩ අඩු කරගන්නවා.
මේ දෙන්නම එකතුවෙලා මොකක්ද දන්නවාද මේ කියන්නේ? අපිට නිරෝගී වෙන්න ලොකු ලොකු දේවල් කරන්න අවශ්‍ය නැහැ. ඒකට පොඩි පියවරත් සෑහෙනවා. ශරීර සෞඛ්‍යය ගැන නිකරුණේ වදවෙන්නේ නැතිව එදිනෙදා ජීවිතය ගත කරන්න අවශ්‍ය වෙන්නේ පුංචි පියවරක් විතරයි. ලිෆ්‍ට් එක තියෙද්දී පඩිපෙළ පාවිච්චි කරන එකත් ඒ අතරින් එකක්.