Daily News
Trending

පේෂල ආයෙත් පාරක් ඇණගෙන. මේපාර ගේම දෙන්නෙ රංජන්…




හැම ගහකටම කොට කොටා යන කොට්ටෝරුවට කෙහෙල් ගහට කොටපු දවසට සිද්දවෙන දේ දන්නවා නේද?
අහුවෙන අහුවෙන හැමෝවම බයිට් කරපු පේෂලගෙත් ඒ විදියටම හොට පැටලුනා. ඒ දවසක් රංජන් රාමනායකව බයිට් කරන්න ගිහිං.
රංජන් කියන්නෙ එහෙම ලේසි පහසුවට බයිට් කරන්න පුළුවන් චරිතයක් නෙමෙයි. රංජන් ළඟ පාතක ඉන්නවා නම් සාමාන්‍යයෙන් ෆීල්ඩ් එකේ කට්ටිය ඉන්නෙ බොහොම පරිස්සමෙන්. කොයි වෙලාවේ බාල්දියක් පෙරලයිද කියන බයෙන් හැමෝම ඉන්නෙ. ඒ තමයි රංජන්ගෙ හැටි. දවසක් අලුත්ම රූපවාහිනී වැඩසටහනක ආරම්භක වැඩසටහනට රංජන්ව ගෙන්වනවා. මේ වැසටහන ඉදිරිපත් කරන්නෙ දෙනුවන් සහ පේෂල. ඉතිං ඔන්න වැඩසටහන පටන්ගන්නත් කලින් පේෂලයි දෙනුවනුයි පරණ කතාවක් ඇදලා ගන්නවා.

රංජන් හරියටම නිලය බලලා ප්‍රහාර එල්ල කරන්න සූරයනේ. ඉතිං හැමෝටම පේන්න තමන්ට වැටෙන්න ගියපු බාල්දිය පේෂලට පෙරලනවා. නිවේදිකාවක් සම්බන්ධයෙන් පේෂලට පැතිරෙන කටකතාවක් ගැන තමයි රංජන් මේ විදියට හෙලි කරන්නෙ. වැඩසටහන අතර මැද්දේ මොනවා කියලා කියන්නද? අන්තිමේ දෙනුවන් එක්ක දෙන්නා විරාමයකට ගිහිල්ලා තමයි රංජ්න්ගේ ප්‍රහාරයෙන් ගැලවෙන්නෙ.

බෙලිමල් විත් පේෂල ඇන්ඩ් දෙනුවන් කියලා හරිම විනෝදාත්මක වැඩසටහනකදි තමයි මේ දේවල් සිද්ධ වෙන්නෙ.

Show More
Close