Daily News
Trending

පේෂලගේ කලිසමට ලෙඩක් වැටිලද?




පේෂල මනෝජ් කියන්නේ ඉස්සර නම් පට්ට පංකාදු සංගීත ශිල්පියෙක් සහ වාදකයෙක්. දැන් ඒ නමට තව තව කෑලි එකතුවෙලා. ඒ නිසා පේෂල කියන්නේ කවුද කියලා හඳුන්වන්න දිග විස්තරයක් කරන්න වෙනවා. වෙලාවකට නිවේදකයෙක්. නිකම්ම නෙමෙයි ප්‍රහසන නිවේදකයෙක්. එහෙම නිවේදන කලාවක් තියෙනවාද කියන්න අපි දන්නේ නෑ. හැබැයි පේෂලගේ නිවේදන කලාව නම් ඒ ජාතිය එකක්. තව වෙලාවකට පේෂල කියන්නේ ගායකයෙක්.

මේ දවස්වල පේෂල සහ දෙනුවන්, “බෙලිමල් විත් පේෂල ඇන්ඩ් දෙනුවන්” කියලා විනෝදාත්මක වැඩසටහනක් මෙහෙයවනවනේ. අපේ ආටිස්ලා මේ වැඩසටහනට එන්නේ තරමක අවධානමක් එක්ක. මොකද පේෂලගේ කට හොඳ නෑනේ. කොයිවෙලාවේ මොන ජාතියේ බාල්දියක් පෙරලයිද කියලා කියන්න බැහැ.

හැමෝටම බාල්දි පෙරලන පේෂලට ඒවට රිටර්න් එක ලැබෙන්නෙත් දෙතුන් ගුණයකින්. මේ කියන්න යන්නේ ඒ විදියේ දෙයක් ගැන.

ඔන්න දවසක් දෙකක් පේෂලයි දෙනුවනුයි රූපවාහිනී ප්‍රෝග්‍රෑම් එකට ෂෝට ගහලා ටීෂර්ට්ස් දාලා ආවා. මේ අලුත් වෙනසට සෑහෙන ප්‍රතිචාර ලැබිලා තිබුණා. කොටින්ම ඒ ප්‍රතිචාර වැඩි ප්‍රමාණයක් ලැබිලා තිබුණේ විවේචන විදියට. කොට කලිසම් සම්ප්‍රදායට ෆේස්බුක් සමාජ ජාල මාධ්‍යයෙන් ලොකු විරෝධයක් එල්ල වෙලා තිබුණා. කොටින්ම මේ චෝදනාවම විශ්ව ලංකාටත් එල්ල වුණා.

හැබැයි මේ චෝදනා අතරේ කොට කලිසම සම්බන්ධයෙන් කිසියම් සුභවාදී දැක්මක් තිබුණ අයත් හිටියා. එයාලා නම් අහලා තිබුණේ කොට කලිසමේ අවුල මොකක්ද කියලා තමයි.

අනේ මන්දා කොහොම වුණත් ඊට පස්සේ තිබුණ ප්‍රෝග්‍රෑම් එකට පේෂල වගේම දෙනුවනුත් කොට කලිසම ඇඳගෙන ආවේ නෑ. ඒකට හේතුව සමහරවිට කලිසමට ආපු විරෝධය වෙන්නත් බැරිකමක් නැහැ.

Tags
Show More
Close