Daily News
Trending

පේෂලගෙන් මාධව ඉල්ලපු දේ..




පේෂල මනෝජ් කියන්නේ සංගීත ශිල්පියෙක්. ඒ වගේම ඔහු සංගීත කථිකාචාර්යවරයෙක්. හැබැයි මේ හැමදේටම වඩා දැන් ඔහු ජනප්‍රිය වෙලා ඉන්නේ නිවේදකයෙක් විදියට. ඒකත් බොහොම හාස්‍යයෙන් නිවේදන කටයුතු කරන නිවේදකයෙක් විදියට.

පේෂල එක්කම නිවේදන කරන අනිත් කෙනා තමයි මාධව විජේසිංහ කියන්නේ. මේ දෙන්නා බොහොම හොද යාලුවෝ. ඉතින් පසුගිය දවසක පේෂලට ආදරය කරන පිරිසක් ඔහුගේ ජයාරූපයක සමඟ සටහන් කරලා තිබුණේ පේෂල අයියා ලඟ තියෙන්නේ අමුතු ගැම්මක්, ඔහු කරන වැඩසටහනක් බැලුවම ඒක පේනවා. ඔහු කරන වැඩසටහන විඩාපත් මනසට දිව ඔසුවක් වගේ කියලා.

මේක දැකපු මාධව පේෂලගෙන් අහලා තිබුණේ අයියේ ගැම්ම පොඩ්ඩක් දෙන්න පුලුවන්ද ගමනක් තියෙනවා දාලා ගෙනත් දෙන්නම් කියලා. මේකට හැබැයි පේෂල තවම මුකුත් කියලා නැහැ. විහිළුවට තමයි මාධව මෙහෙම අහන්නේ. හැබැයි ඉතින් පේෂල අනිවාර්යෙන්ම මේකට රිටන් එක දේවි මාධවටත්.

Tags
Show More
Close