Daily News
Trending

පෙම් හුටපටයක් නිසා කෙල්ලක් විනූව හොයාගෙන ඇවිත්.




විනූ හරි අහිංසකයි. හරිම හොඳයි. පාඩුවේ ඉන්නවා කියලානේ ගොඩක් අය කියන්නේ. ඒ වුණාට දන්නවද විනූ කරලා තියෙන වැඩක්? දවස් කීපයක්ම කවුදෝ කොල්ලෙක් එක්ක ෆේස්බුක් චැට් කරලා.

දවසක් ලොකේෂන් එකට විනූව හොයාගෙන ගෑනු ළමයෙක් ඇවිල්ලා තියෙනවා. විනූ හිතලා තියෙන්නේ පත්තරේකින් කියලා. ඒත් මේ ළමයා ඇවිත් තියෙන්නේ විනූව අතටම අල්ලගන්න. විනූ රෑට රෑට චැට් කරලා තියෙන්නේ මේ කෙල්ලගේ කොල්ලා එක්කලු.

විනූට මෙහෙම චෝදනා කළාම උතුර දකුණ මාරු වෙලා. කවදාවත් ඒ වගේ වැඩක් කරලත් නෑලු. බැලින්නම් මේ විනූ නෙමෙයි. හොර විනූ කෙනෙක්. ෆේස්බුක් එකේ විනූගේ නමින් හදාගත්ත ෆේක් එකවුන්ට් එකකින් තමයි මෙහෙම චැට් කරලා තියෙන්නේ. අන්තිමට විනූ ඒ ගෑනු ළමයට වෙලා තියෙන දේ පැහැදිලි කරලා දීලා තියෙනවා.

ඔය වගේ අලකලංචි කීපයක්ම විනූට සිදුවෙලා තියෙනවාලු. ආර්ටිස්ලාට පණ ඇරලා ලව් කරන කොල්ලෙකුත් දවසක් විනූගේ නමින් එකවුන්ට් එකක් හදාගෙන ආර්ටිස්ලා එක්ක චැට් කරලා එක ආර්ටිස්ලාගේ නම්බර්ස් ඉල්ලගෙන. මේ කොල්ලට අමතක වෙලා දවසක් විනූගේ නම්බර් එකත් ඉල්ලලා. එතකොටයි වැඩේ මාට්ටු වෙලා තියෙන්නේ. පස්සෙ ඉතින් මේ කෙනාව මුණගැහිලා ආයේ එහෙම කරන්න එපා කියලා තේරුම් කරලා තියෙනවා.

ෆේස්බුක් එකට කිසිම සංවරයක් නැති මිනිස්සු ආවම මේ වගේ දේවල් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ජනප්‍රිය චරිතවලට හරියට කරදර සිදුවෙනවා.

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close