Daily News
Trending

පූජාට ලංකාව ගැන තියෙන කැක්කුම.




පූජා උමාශංකර් ලංකාවේ ජනප්‍රියම නිළිය ලෙස අවස්ථා කීපයකදීම ඔසවා තබන්නේ මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක ජනතාව. පසුගිය සරසවි සම්මාන උලළේ දී ඇය හොඳම නිළිය සම්මානයෙන්ද පිදුම් ලබනවා. ඒ සරිගම චිත්‍රපටයේ ඇය සිදු කළ රංඟනය වෙනුවෙන්.

ඉන්දියා – ශ්‍රීලංකා මිශ්‍ර සම්භවයක් ඇති පූජා, මෙරට සිනමාවට හඳුන්වා දීම සම්බන්ධයෙන් සමහරු ආඩපාලි කිව්වා. ලංකාවේ නළු නිළියන්ට කරපු අපහාසයක් කියලත් කිව්වා. ඒත් සිනමා ක්ෂේත්‍රයට ඇවිත් වසර දොලහක් සම්පූර්ණ වෙද්දී පූජා ශ්‍රී ලාංකිකයාගේ හදගැස්ම හඳුනාගන්න සමත් වෙනවා. ගෙවුණ කාලය තුළ ඇය රඟපාන්නේ සිනමා නිර්මාණ 7ක පමණයි. නමුත් පූජා බිම් මට්ටමේ සිට සියලු ජනතාවගේ ආදරය දිනාගන්නවා. ඒකට හේතු වුණේ පූජාගේ ලෙන්ගතු බව. පොළොවේ පයගසා ජීවත්වන තරුවක් වීම. ඒ වගේම ඇයගේ නිහතමානී ගතිගුණ ප්‍රේක්ෂක හදවත් දිනාගන්න හේතු වෙනවා.

ඇත්තටම පූජාට ලංකාව සම්බන්ධයෙන් මේ හැටි කැක්කුමක් ඇතිවෙන්නේ ඇයි? ඒකට හේතුවක් තියෙනවා. පූජාගේ මුදුන් මුල් තියෙන්නේ අපේ රටේ පොළොවේ. පූජා උමාෂංකර් කියලා නම ලියැවුණාට ඇය ඉපදෙන්නේ ලංකාවේ සොයිසා රෝහලේදී. ඒ වගේම පූජාගේ උප්පැන්න සහතිකය ලියවෙන්නේ සිංහල භාෂාවෙන්. ඉතින් ඇයට මේ භූමිය ගැන වගේම මේ භූමියේ මිනිසුන් ගැනත් කැක්කුමක් තියෙනවා. ඒ ආදරයම පෙරලා ඇයව සම්මානනීය කරවන්නත් හේතු වෙනවා.

Tags
Show More

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close