
සරසවි සම්මාන රාත්‍රිය නිමා උනේ තරු බොහෝමයකට සම්මාන දිනා දෙමින්.මේ අතරේ පුජා උමාශංකර්ටත් සම්මානයක් හිමි උනෙ ඈ සරිගම චිත්‍රපටයට කල රංගනය වෙනුවෙන්.
පූජගේ නම නිවේදනය විමත් සමගම ශාලාවේ ඈතකම හිටිය ඇය හරි ඉක්මනට දුවගෙන ආවා. අගමැති රනිල් වික්‍රමසිංහ තමයි ඇයට සම්මානය දෙන්න සූදානමෙන් හිටියේ. කොහොම උනත් හරි අපුරු දර්ශනයක් අපිට මෙහෙදි දැක ගන්න පුලුවන් උනා.
ඒ තමයි පූජා සම්මානය ගන්න කලින් තම ඇදන් හිටිය ඇදුමේ හැඩ වටයක් කැරකිලා සභාවේ හිටපු හැමෝටම පෙන්නපු එක. ඇගේ හැසිරීම නිසා සිනහ මුසු මුහුනින් හිටපු අගමැතිතුමාව පුජා එකපාරටම කිස් කරනවා. මේ නිසා සභාවේ ඉන්න හැමෝමත් හිනාවෙනවා. ඔන්න ඔහොම තමයි පුජා ඇගේ සම්මානය අරන් හැමෝම හිනාගැස්සුවේ.