Daily News

පියුමි හැමදාමත් රැජිනක්ලු – පියුමි හංසමාලි




පියුමි හංසමාලි කියන්නේ හොඳ entertainer කෙනෙක්. ඒ හින්දා එයාව කාටවත් අමතක වෙන්න විදියක් නෑ. ඉතින් දැන් එයා හරිම නිහඬයි. News මවන පියුමිට මොකද වෙලා තියෙන්නෙ. මෙන්න මේවා තමයි පියුමිගෙ fansලට තියෙන problem. අනිවා එක්කො එයා තැන්පත් වෙන්න හිතලා. එහෙමත් නැත්නම් වෙනම සීන් එකක්. පියුමිගෙ hit වෙන news නැතුව හැමදාමත් පියුමිගෙ වටේ හිටිය fans ලා නම් ඉන්නෙ හරි upset එකේ. ඇත්තටම පියුමි තැන්පත් වෙලාද?
කොහොමහරි ඉතින් පියුමි එයාගේ FB එකේ Instagram එකේ එහෙම වීඩියෝ upload කර කර හිටියට ගොඩක් කට්ටිය සෙට්වෙලා ඉන්න ප්‍රසිද්ධ තැන්වල නම් දකින්න හම්බ උනේ නෑ. ඒත් ඒක ඊයේ රෑ වෙනස් වුණා. ඒකට හේතුව තමයි චන්දිමාල් ජයසිංහගේ රාජකීය birthday party එක. මේ birthday party එක කරන්න තිබ්බේ මීට ඉස්සෙල්ලා වුණත් රටේ තිබ්බ අප්සට් වාතාවරනය හින්දා ඒ සියල්ල යටපත් වෙලා තිබ්බෙ. ඒත් ඉතින් ඒ හැම දෙයක්ම ටිකින් ටික හරි ගිය නිසා චන්දිමාල් එයාගෙ රාජකීය birthday එක ඊයේ රෑ තිබ්බා. තනිකරම තිබ්බෙ ඒකෙ ඉතින් රාජකීයත්වය තමයි. මේ birthday party එකේ හිටිය තරු මැද්දේ වැඩි දෙනෙක්ගේ පැහැදිලි ඇහැ ගිය චරිතයක් තමයි පියුමි හංසමාලි. නලලට ඔටුන්නක් එහෙම දාලා රාජකීය ඇඳුමකින් සැරසිලා හිටිය පියුමි එතන හිටිය කෙනෙක්ට බර්ත් ඩේ පාර්ටි එක ගැන මෙන්න මෙහෙම කිව්වා

“මම අද විතරක් නෙවෙයි. මම හැමදාම රැජිනක්. මම හරිම සන්තෝෂෙන් ඉන්නෙ. මේක සුවිශේෂී birthday party එකක්. චන්දිමාල් කියන්නෙ හැමදාමත් සුවිශේෂී වෙනසක් කරන කෙනෙක්. මේ birthday party එක superb” කියලා. කොහොමත් පියුමි හංසමාලි කියන්නේ රාජකීය චරිතයක් කියලා නම් ගොඩක් දෙනෙක් දන්නවා. මොකද පහුගිය ටිකේ අහපු බලපු දේවල් වලට අනුව ඒක එහෙම නොවී තියෙන්න විදිහකුත් නෑනෙ.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close