Daily News
Trending

පියුමි මහ රෑ කාවිංග පුතාට දීපු බර්ත්ඩේ සර්ප්‍රයිස් එක.




කොයිතරම් සුන්දර කාන්තාවක් වුණත් ඇය අම්මා කෙනෙක් නම් ඒ කාන්තාවට තමන්ගේ රූ සපුවටත් වඩා වටින දෙයක් තියෙනවා. ඒ තමයි ඇයගේ දරුවා. රූපය, තරු ගුණය මේ හැම දේකටම වඩා අම්මා කෙනෙක්ට වටින්නේ තමන්ගේ දරුවන්ව.

සරාගී නිළියක් ලෙස හැමෝම හඳුන්වා දෙන පියුමි කියන්නෙත් අන්න ඒ වගේ අම්මා කෙනෙක්. ඇයට රජෙක් වගේ අභිමානය ගේන පුංචි පුතෙක් ඉන්නවා. තමන් විවාහ වෙලාද නැද්ද කියන කාරණය පවා සඟවන්න උත්සාහ ගන්න අම්මලා ඉන්න රටක පියුමි තමන්ගේ පුතාව රටටම පෙන්වනවා. ඒ දරුවාට මහ මෙරකට ආදරය කරනවා.

ඉතින් පියුමිගේ පුංචි පුතාගේ උපන්දිනය පහුගිය දවසක බොහොම චාමෙට පැවැත්වුණා. මහ රෑ ජාමේ පියුමි පුතාව ඇහැරවලා කේක් එකකුත් කැපුවා. ඇය ඒ සියල්ල සමාජ ජාල මාධ්‍යයටත් එකතු කරලා තිබුණා.

ආරංචි විදියට නම් දැන් පුතාට වයස අවුරුදු 8ක් ලු. ඉතින් මේ ස්ප්‍රයිස් බර්ත් ඩේ පාර්ටි එකට සහභාගී වෙලා තිබුණේ පියුමිත් එයාගේ බර්ත්ඩේ කුමාරයා වූ පුංචි කාවිංගත් පමණයි.

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close