Daily News
Trending

පියුමිට සසර කළකිරිලා. සසුන්ගතවන ලකුණු.

Piumi Hansamali




Piumi Hansamali Exclusive from Starfriends.lk

මොන මොන නැටිළි නැටුවත් දවසක් එනවා මේ හැමදේම එපා කියලා හිතෙන. අපි හැමෝම ඉන්නේ රැවටීමක. ජීවිතය කියන්නේ ඉතාම කෙටි කාලයක්. මේ කෙටි කාලය තුළ අපි කරන කියන දේවල් කොයිතරම් දුරට වැදගත්ද? හිනාවෙනවා, අඬනවා, හිතින් තැවෙනවා, කායිකව මානසිකව පීඩාවට පත් වෙනවා. අරමුණු පස්සේ හඹා යනවා. මේ දිවිල්ල ඇතියි කියලා හිතෙන එක දවසක් එනවා. අන්න ඒ දවසට අපි හැමෝටම හිතෙනවා ටිකක් නතර වෙන්න. නිවීසැනසිල්ලේ හුස්ම ගන්න. ජීවිතය ගැන මෙනෙහි කරන්න.

සාමාන්‍යයෙන් ජීවිතය ගැන කල්පනාවෙන්නේ වයස මුහුකුරා ගියාමනේ. වයස කියන්නේ අත්දැකීම්වලට. ජීවිතයේ නානාප්‍රකාර අත්දැකීම්වලට මුහුණදුන්න පියුමි හංසමාලිටත් ජීවිතය ගැන ආපස්සට හැරිලා බලන්න හිතෙනවා. පියුමි කියන්නේ ගැහැණියක් විධියට ලංකාවේ සංස්කෘතිය ඇතුළේ කරන්න බැහැයි කියලා අපි අදහස් කරන දේ පවා නොබියව කරපු කෙනෙක්. පියුමි නිරූපිකාවක් සහ නිළියක් ලෙස කරන පෙනීසිටීමට වැඩිපුරම එල්ල වුණේ ගල් සහ මඩ ප්‍රතිචාර. සමහර අවස්ථාවල පියුමි ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් දරුණු වාග් ප්‍රහාරවලට පවා සම්බන්ධ වෙනවා අපි දැකලා තියෙනවා. මේ හැම දෙයක්ම පියුමි භාරගන්නේ කොයි ආකාරයෙන්ද කියන්න අපි දන්නේ නැහැ. නමුත් හැදෙනවා නම් මනුස්සයෙක්ට ඒ සමාජ ප්‍රතිචාරත් ප්‍රමාණවත්

අම්මා කෙනෙක් හැටියට පියුමිව අගය කරන්න පුළුවන් අවස්ථා ඔිනෑ තරම් තිබෙනවා. ඇය තම එකම පුතාට අසීමිතව ආදරය කරනවා. ස්වාමිපුරුෂයාගෙන් වෙන් වූ විවාහක කාන්තාවක් ලෙස ඇය කිසිදු චකිතයකින් තොරව ජීවිතයටත් මුහුණ දෙනවා. මේ හැම දෙයක්ම පියුමි හංසමාලි කියන ගැහැණියව අත්දැකීම්වලින් පෝෂණය කරනවා. නටන්න ඔිනේ හැම කස්තිරමක්ම අඩව්වක්ම අල්ලා ජීවිතය අත්දැකීම්වලින් සන්ද්ධ කරගෙන සිටින පියුමි හංසමාලිටත් සසර කළකිරෙන්න නම් ඔිනෑ තරම් හේතු තිබෙන්න ඇති.

˝ආසයි මටත් මෙහෙණියක් වන්නට, සසර කතරින් එතෙර වන්නට, මිදෙන්නට බැරි එක් බැදිමක් ඇත. ඒ දරු සෙනෙහසයි˝

පියුමි ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට මේ වචන කිහිපය එකතු කරන්නේ නිකම්ම නම් වෙන්න බැහැ. ඒත් සංසාර ගමන කෙටි කරගන්න බැරි තරමට පියුමිව වෙලාගෙන සිටින ආදරයක් තියෙනවා. ඒ ඇයගේ පුංචි පුතා. සිදුහත් කුමාරයාට පවා අබිනික්මනට බාධාවක්ව සිටියේ පියුමි මෙන්න මේ ආකාරයට පෙන්වා දෙන දාරක ස්නේහයමයි. සසර ගමන නතර කරගන්න කොයිතරම් ආසා කළත් ඊට ඇති එකම බාධකය පියුමි ගේ එකම පුතු බව ඇය සෙනෙහසින් සිහිපත් කරනවා. බැඳීම් කියන්නේ දුකක්. අපිව සංසාර ගමනට ගැටගසා තබන තද බැඳීමක්. පියුමි වගේම අපිත් ඒ බැඳීම් වලින් ටික ටිකවත් ඈත් වෙන්න ඔිනේ. පියුමිගේ පුංචි වචනවලින් ලබා දෙන්නේ අන්න ඒ පණිවුඩය.

Piumi Hansamali Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close