Daily News
Trending

පියුමිට මොකද උනේ…?

Piumi Hansamali




Piumi Hansamali Exclusive from Starfriends.lk

හැම ෆීල්ඩ් එකේම ඉන්නවා news මවන characters. ඒක Art ෆීල්ඩ් එක කියලා වෙනසක් නෑ. ඒකටත් පොදුයි. ඉතින් ඉන්දියාව දිහා බැලුවම නම් ඉන්දියාව කියන්නේ තනිකරම gossip ලෝකයක්. එක්කෙනෙක් දෙන්නෙක් කියලා නෑ. ඔක්කොම තියෙන්නේ මැවෙන පුවත් මවන පුවත් තමයි. බොලිවුඩ් වලින් හොලිවුඩ් වලට අාවත් ඒ ආනිසංසෙ එහෙමම තමයි. කොටින්ම hit වෙන news එකක් කියන්නේම මිනිස්සුන්ට මාරම අාතල් එකක්. ලංකාවෙත් අපි ඔය කියන විදියෙ මෝස්තරේ කට්ටිය ඕන හැටියෙ ඉන්නවා. කොහොමත් අපේ අයනම් කැමති රහ කරන්න පුළුවන් දේවල් එනවානම් විතරයි.

ඔන්න දැන් බලමු ලංකාවේ පියුමිලා සෙට් එකක් හිටියත් පියුමි කියපු ගමන්ම කාගෙ කාගෙත් මීටරේට වැටෙන්නෙ එකම එක පියුමි කෙනෙක් විතරයි. ඒ වෙන කව්රැවත් නෙවෙයි පියුමි හංසමාලිව. මෙහෙම පියුමි කියපු ගමන්ම කාට කාටත් පියුමි හංසමාලිව මතක් වෙනවා කියන්නෙම එ් අයගෙ මීටරේ හොඳයි. මොකද මේ පියුමි තමයි මිනිස්සුන්ට තමන් ඉන්නවා කියලවත් පේන විදියට වැඩක් කරන්නෙ.

කොහොමහරි පියුමි හංසමාලි කියන්නේ හොඳ entertainer කෙනෙක්. ඒ හින්දා එයාව කාටවත් අමතක වෙන්න විදියක් නෑ. සමහර වෙලාවට පියුමි සෙට්වෙන party එහෙම ෆුල් ආතල්. එ්ත් සමහර එවා විතරයි. තව සමහර එ්වා ඉවරවෙන කොට පොලිසියට වැඩ ගොඩක් ඉතුරු කරලා තමයි ඉවරවෙන්නෙ. මේ ලඟදි දවසකත් , ලඟදිමත් නෙවෙයි මාසෙකට විතර ඉස්සරවෙලා පත්තු වෙවී නිවි නිවි තිබුණු පියුමිගෙ පරණ විස්තර ,අලුත් ආරංචි. අලුත් විස්තර ,පරණ ආරංචි වෙනස් විදියකට එලියට ආවේ අමුතුම විදියෙ වීඩියෝ එකකින්. හැබැයි ඒක හැමෝටම ප්‍රශ්නයක් වුණාට පියුමිට නම් ප්‍රශ්නයක් වුනේ නෑ. එයා කියලා තිබ්බෙ ඒක කව්රැත් ප්‍රශ්නයක් කරගන්න එපාය කියලා. තවත් වෙලාවක kissing seen එකක් නිසා බුකිය රත්වුණා. තවත් කාලෙක කෙල්ලෝ සෙට් එකක් එක්ක වලියක් දාගෙන හොඳවචන සෙට් එකකුත් එක්ක වීඩියෝ එකක් හතර අතේ ගියා. ඉතින් මේ හැම එකකම main character එකවුනේ පියුමි.

ඉතින් දැන් එයා හරිම නිහඬයි. News මවන පියුමිට මොකද වෙලා තියෙන්නෙ. මෙන්න මේවා තමයි පියුමිගෙ fansලට තියෙන problem. අනිවා එක්කො එයා තැන්පත් වෙන්න හිතලා. එහෙමත් නැත්නම් වෙනම සීන් එකක්. පියුමිගෙ hit වෙන news නැතුව හැමදාමත් පියුමිගෙ වටේ හිටිය fans ලා නම් ඉන්නෙ හරි upset එකේ. ඇත්තටම පියුමි තැන්පත් ⁣වෙලාවත්ද?

Piumi Hansamali Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close