Daily News
Trending

පියුමිගේ ඇඳුමෙ දිග පළල බලපු අය මේ කතාව නම් කියවන්නම ඕන.




පසුගිය කාලෙ බර්ත්ඩේ පාටියක් නිසා පියුමි අහගත්තු ජාතියක්. විශේෂයෙන්ම ඇඳගෙන ගියපු ඇඳුමක් නිසයි මේ කතන්දර ඔක්කොම. චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදයට ප්‍රවීණ මෝස්තර නිර්මාණ ශිල්පී මයිකල්ගෙ ඇඳුමක් ඇඳගෙන ගිහින් තමයි පියුමි මේ ඔක්කොම අපවාද අහගත්තෙ.

පියුමිට වගේම චන්දිමාල්ටත් අපවාද, නගපු අයගෙ දැනගැනීමට මේ දෙන්න ගැනම කියවෙන හොඳ ප්‍රවෘත්තියක් අහන්න ලැබුණා.

මේ කතාව පටන්ගන්නෙ දරුවෝ වගයක් මහ මග අතඇරලා දාලා ගියපු වයෝවෘධ අම්මා කෙනෙක්ගේ කතාවකින්. මේ අම්මගෙ කඳුළු කතාව මුහුණු පොත පුරාත් සැරිසරනවා. පියුමි අම්මව දකින්නෙ මුහුණුපොතෙන්. ඒ අම්මා පියුමි පුංචි කාලෙ ඉඳලා දන්න කියන අම්මා කෙනෙක්. ඒත් කාලයක ඉඳලා පියුමිට අම්මව හොයාගන්න බැරිවුණාලු. අහම්බෙන් තමයි මේ සිදුවීම පියුමිට දකින්න ලැබෙනෙ.

ඔන්න ඉතිං අම්මව හොයාගන්න පියුමි, මුහුණු පොතේ සටහනකුත් දැම්මා. අවසානයේ පියුමිට අම්මව මුණගැහෙනවා. චන්දිමාල් එක්ක පියුමි අම්මව හොයාගෙන ගිහිං ඒ අම්මගෙ වගකීම සම්පූර්ණයෙන්ම භාරගන්නවා.

වයසට ගියාම අම්මා තාත්තාව වුණත් අතඇරලා යන කාලෙක පියුමි හුඟක් වයෝවෘද්ධ අම්මා කෙනෙක්ගෙ වගකීම භාරගන්නවා. ඒක ලේසි පහසු පරිත්‍යාගයක් නෙමෙයි. ඉතිං හැම වෙලාවෙම පියුමිගෙ ඇඳුම ගැනයි පියුමි නරක වචන කිව්වා කියන එක ගැනයි විතරක් කතා කරලා තේරුමක් නැහැ. මේ වගේ හොඳ දෙයක් දැක්කමත් අගය කරන්න පුරුදු වෙන්න ඕනේ

Tags
Show More
Close