
පියුමි හංසමාලිට අලුත් බබෙක් ලැබිලලු.. එහෙම තමයි මේ දවස් වල පියුමි ගැන කතා කරන අය කියන කතාව. දවසින් දවස පුවත් මවන පියුමි ලෝකයාගෙන් අහගන්න කතා නම් එමටයි. හැබැයි ඒ මොනා උනත් පියුමිට ඕන දේ එයා කරනවා. ඒ තමයි පියුමිගේ හැටි.
මේ පාර පියුමි ගැන කතා කරන්නේ පියුමිගේ අලුත් බබා ගැන. පියුමිට පුතෙක් ඉන්නවා කියලා කවුරුත් දන්නවනේ. මේ පුංචි පුතා තමයි පියුමිගේ මුළු ලෝකයම. ඉතින් දැන් කවුද පියුමිගේ අලුත් බබා කියලා හිතනවා නේද? මේ අලුත් බබා නම් මනුස්ස බබෙක් නෙමෙයි. පුංචිම පුංචි රිලා පැටියෙක්.
පසුගිය දවසක පුංචි රිලා පැටියෙක් හුරතල් කරන වීඩීයෝ එකක් අන්තර්ජාලයට දැමීමත් එක්ක තමයි මේ ගැන හැමෝම කතා කලේ. මේ රිලා පැටියා දම් වැලකින් ගැට ගහලා තමයි හිටියේ. මේ නිසා සමහර අය පියුමිට බැනලත් තිබුනා. අහිංසක සතෙක් ගැට ගහගෙන ඉන්නවා කියලා. පියුමිට බනින අය වැඩියිනේ ඉතින්. කවුරු මොනා කිව්වත් ඒ කිසිම දෙයක් පියුමිගේ ඇඟේ වදින්නේ නැහැ වගේ තමයි ඉන්නේ.