
Pathum Rukshan Exclusive from Starfriends.lk
පැතුම් රුක්ෂාන් කියන්නේ වර්තමානයේ සිටින ජනප්‍රිය කඩවසම් නළුවෙක්. ඔහු රංඟනයේ දී වගේම රියැලිටි වේදිකාවේදීත් දක්ෂතා පෙන්වූවා.
පැතුම් රුක්ෂාන් තරුණ වියේදීම සාර්ථක කරගත්ත හීනයක් ගැන අපිට දකින්න ලැබුණා. මුලින්ම අපි ඒ අලුත් ආරම්භයට සුබ පතනවා. PR Salon නමින් පැලවත්තේ ඉදිවෙලා තියෙන සැලෝන් එකේ හිමිකරුවා වන්නේ පැතුම් රුක්ෂාන්. මේ සැලෝන් එක අඳුනගන්නත් අපහසුවක් නැත්තේ සැලෝන් එක හැඩවෙලා තියෙන්නේ පැතුම්ගේ රූව රැගත් විශාල ස්ටිකර්ස්වලින් නිසා.
පැතුම් කාලයක් තිස්සේ දැකපු සිහිනය සඵල කරගත්ත අවස්ථාවට ඔහුගේ සහෝදර ශිලිපීන් සහ ශිල්පිනියන්ද රැසක් පැමිණ සිටියා. ඒ අය අතර නයනා කුමාරි, ගයත්‍රි ඩයස් වගේ සැලෝන් හිමිකාරිනියොත් හිටියා. ටීනා, කාවිංග, හිමාලි සයුරංගි, පබෝදා සංදීපනී වගේ විශාල පිරිසක් පැතුම්ට සුබපතන්න Salon PR වෙත ඇවිත් තිබුණා.
පැතුම්ට අවශ්‍යවෙලා තියෙන්නේ සම්ප්‍රදායික සැලෝන් සම්ප්‍රදායෙන් මිදිලා අලුත් එක්ස්පීරියන්ස් එකක් දෙන්න. ඒ වෙනස PR සැලෝන් එකට ගියාම හොඳට අත්විඳින්න පුළුවන් වෙයි.
රංඟන ශිල්පියෙක්ට ජීවිතය පවත්වාගෙන යන්න නම් බිස්නස් එකකුත් කරන්නම වෙනවා. පැතුම් පටන් ගත්ත අලුත් බිස්නස් එකට අපි හදවතින්ම සුබ පතනවා. ඒ වගේම ඔහු රංඟනය අතහරින්නේ නැති බවත් ආදරණීය රසික රසිකාවන්ට තහවුරු කරනවා.
Pathum Rukshan Exclusive from Starfriends.lk