
Aruni Mendis Exclusive from Starfriends.lk
අරුණි. කවුද මේ අරුණි කියන්නේ? මොකද එකම නමින් එක එක අය ඉන්නවනේ. ඒ හින්දා හරියටම කියනවා නම් මෙයාගේ නම අරැණි මෙන්ඩිස්. පොඩි කාලේ ඉඳලා හොඳට නටපු කෙනෙක් තමයි. නටපු කෙනෙක් කිව්වේ කැත හිතකින් එහෙම නෙවෙයි ඔන්න. මෙයා ඉස්කෝලෙ යන කාලෙ කරේ ඩාන්සින්. ඒ කාලේ අරුණි ඉස්කෝලේ ජනප්‍රිය වෙලා තිබුණේ හොඳ නර්තන ශිල්පිනියක් විදිහටලු. ඒ කොහොම වුණත් දැන් අරුණි කියන්නේ නිවේදිකාවක්. එයා නිවේදිකාවක් වුණත් ගොඩක් ගෙවල්වල හැම දෙයක්ම වගේ වෙන්නේ ඉතින් අම්මලාගේ කැමැත්තටනේ. අරුණි සම්බන්ධයෙනුත් ඒ කතාව එහෙමම තමයි. මෙයා නිවේදිකාවක් වෙන්නත් ඉන්ටවීව් ගිහිල්ලා තියෙන්නේ අම්මගේ කැමැත්තටලු. අම්මගේ කැමැත්ත එහෙම වුණත් ඉන්ටවීව් බෝඩ් එකේ කැමැත්ත නම් මෙයාට එකපාරම හම්බවෙලා නෑ. ටෙස්ට් 5කට ෆේස් කළා කියලා තමයි අරුණි නම් කියන්නේ. ඒත් ඉතින් කොහොම හරි දැන් එයා නිවේදිකාවක්නේ.
නිවේදිකාවක් උනත් අරුණි නිළියක් වෙලත් කාලයක් ගිහින් ඉවරයි. දැන් මෙයා මේ දෙකම කරනවා. හැබැයි ඒක දෙවිධියක දෙකක්. ඒත් අරුණි නම් කියන්නේ එයාට අමාරුම වැඩේ නිවේදන කටයුතු කරන එක කියලා. රඟපාන එක නම් එයාට හරිම පහසුයිලු. කොහොම වුණත් අමතක කරන්න එපා මෙයා මේ වෙනකොට හොඳහැටි ආදරය විඳින ප්‍රේමවන්තියක් කියලා. හරි අපි කියන්නේ ගියේ ඒ කතාව නෙවෙයිනේ. බලමුකෝ මොකක්ද ඒ කතාව කියලා.
සාමාන්‍යයෙන් කවුරු වුණත් මිනිස්සුන්ගෙන් බැණුම් අහන්න ඒ තරම් කැමැත්තක් දක්වන්නෙ නෑ. ඒ තරම් කැමැත්තක් නෙමෙයි කොහෙත්ම කැමැත්තක් නෑ. අපි මොකටද කාගෙන්වත් බැනුම් අහන්නේ,මොන වරදක් කරාටද කියන මතයේ තමයි කොයි කවුරුත් ඉන්නේ. ඒකෙ ඉතින් වැරැද්දක් නෑ. ඒ වුණත් සමහරු ඉන්නවා වැඩේම අනුන්ගෙන් බැනුම් අහන එක. ඒක හරියටම කියනවානම් සංසාරේ පතාගෙන ආව දෙයක් වගේ. අරුණිත් අන්න ඒ වගේ කෙනෙක් තමයි. අරුණි මෙන්ඩිස්ටත් මිනිස්සු බනින්නේ හරිම දුෂ්ටයි කියලලු. ඒ අතරේ තව තවත් කතා ගොඩක් කියල බනිනවලු. ඒක හරිම පැහැදිලි කතාවක්. ඒත් කවුරු මොනව කිව්වත් අරුණිට නම් ඒ ගැන වගේ වගක්වත් නෑලු. මොකද ඒකට හේතුව චරිතයකයි සැබෑ ජීවිතයයි කියන දෙක හරියටම අඳුරගෙන ඉන්න හින්දා වෙන්න ඇති. ඉතින් ඔයාල දන්නවද මෙයා මේ මිනිසුන්ගෙන් බැණුම් අහන්නේ මොකටද කියලා. වෙන මුකුත් හින්ද නෙමෙයි දෙවෙනි ඉනිම ටෙලියේ කරන චරිතයක් හින්දලූ. හිතන්නකෝ දකින දකින කෙනා මූණටම අනං මනං කියද්දි කොහොමද ඒක කියලා. කොහොම හරි මෙන්න මේ වගේ වෙලාවට නම් අරැණිට හිතෙනවා ඇති පැත්තකට වෙලා ලොතරැයියක් ඇදන් හිටියා නම් හොඳයි කියලා. මොකද අරුණි දැන් ලොතරැයි මන්ඩලයේ නිවේදිකාවක් විදියටත් වැඩ කරනවනේ.
Aruni Mendis Exclusive from Starfriends.lk