
මේ දවස්වල හිරු ටීවී ඔස්සේ විකාශය වන ශ්‍රී සිද්ධාර්ථ ගෞතම ටෙලිනාට්‍ය මාලාවේ මහා ප්‍රජාපතියගේ චරිතය නිරූපනය කරන්නේ ඇය. දුෂේනි රංගනයට වගේම නර්තනයටත් ඉතාම දක්ෂයි. දුෂේනි මේ දවස්වල මොනවාද කරන්නේ? ඇයගේ පෞද්ගලික ජීවිතයේ මොකක් හරි වෙනසක් වෙලාද? මේ දේවල් ගැන දුෂේනි පුවත්පත් සාකච්ඡාවකදී හෙළි කරලා තිබුණා.
ඇය රංඟනයට ඇවිල්ලා දැන් වසර තුනක් ගතවෙලා ලු. මේ කාලය තුළ සුබවාදීි දේවල් වගේම අසුබවාදී දේවල් ද අත් විඳින්න සිදු වුණා ලු. දුශේනිගේ පවුලේ කවුරුවත් කලාවට සම්බන්ධ නැහැ. මේ නිසා ඇයට මේ ෆීල්ඩ් එක සම්බන්ධයෙන් ලොකු අවබෝධයක් තිබිලා නැහැ. නොදැනුවත්කමින් පෞද්ගලික ජීවිතයේත් අඩුපාඩු සිදුවන්න ඇති කියල දුෂේනි කියනවා. මේ සියලු අඩුපාඩු හදාගෙන හොඳ ගමනක් යන්න ඇය අදහස් කරගෙන සිටිනවා.
කාලයක්ම දුශේනිගේ සිහිනය වුණේ ගුරුවරියක් වීම. නමුත් ඇය හදාරන්නේ අලෙවිකරණය. මේ නිසා රංඟනයට ආවේ නැත්නම් ඇය අදහස් කරගෙන ඉඳලා තිබුණේ සමාගමක විධායක නිලධාරිනියක් වෙන්න. කොහොම හරි දැන් ඇය රංඟනයට ඇවිත් ඉවරයි.
පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් දුෂේනිගෙන් විමසුවාම ඇය කියලා තිබුණේ වෙනදාටත් වඩා පෞද්ගලික ජීවිතය හරි සැහැල්ලුවෙන් ගෙවිලා යනවා කියලා. මේ දවස්වල උදාවෙන කාලය තමන්ගේ වැඩක් වෙනුවෙන් යොමු කරලා නිදහසේ ඉන්න පුළුවන්කම ලැබිලා තියෙනවා ලු.
දුෂේනි මෑතකදී පෙම්වතියක් වෙලා හිටියා කියලා ගොඩක් අය දැනගත්තේ ඇය සමාජජාල මාධ්‍යයට එකතු කරලා තිබුණ පින්තූර සහ සටහන් නිසයි. ඇය 2019, අවුරුදු උදාව සැමරුවෙත් ඒ ආදරණීය පුද්ගලයා එක්ක කියලා වීඩියෝවක් පළකරමින් ඇගේ රසික රසිකාවන්ට දැනගන්න සලස්වලා තිබුණා.
ආදරය සම්බන්ධයෙන් දුෂේනි තරමක් වෙනස් කතාවක් කියනවා. ඇත්තටම ඒ හැඟීම අපි හැමෝටම අවශ්‍යයි. ඇයත් ඒක ඒ විධියටම පිළිගන්නවා. ආදරය කියන හැඟීමෙදි දුෂේනිට හුඟක්ම වැදගත් වෙන්නේ අම්මා, තාත්තා සහ මල්ලිගෙන් ලැබෙන ආදරය ලු. ˝පිටස්තර පාර්ශ්වයක ප්‍රේමය මේ වෙලාවේ මට ටිකක් පිළිගන්න බැරි තත්ත්වයක තියෙන්නේ˝ දුෂේනි එහෙම කියනවා. සතුට කියන දේ හැම තිස්සේම අපේ ළඟ රැඳෙන්නේ නැහැ. දුෂේනි හිතට දුකක් දැනුනාම දුවන්නේ කුරුණෑගල ඇගේ නිවසට. ඒ සාකච්ඡාව කරද්දිත් ඇය හිටියේ ඇගේ කුරුණෑගල නිවසේමයි.
දුෂේනි රංඟනයට තවමත් අලුත්. ඇයට ඉතා හොඳ අනාගතයක් තියෙනවා. ඉතින් පෞද්ගලික ජීවිතයේ මොන මොන පෙරළි සිදු වුණත් දුෂේනිගේ කලා ගමන ඒ නිසා අඩාල විය යුතූ නැහැ. ඇය එහෙම වන්න ඉඩ දෙන්නේත් නැහැ. ඒ ධෛර්යය අපි අගය කරනවා වගේම ඇගේ කලා ගමනටත් සුබ පතනවා.