
මී ටූ (Me Too) කියන්නේ ඉන්දියාවේ බොහෝ සෙයින් ජනප්‍රිය ව්‍යාපාරයක්. මී ටූ ව්‍යාපාරයට අදහස් දක්වන්න ගිහින් තමයි ප්‍රීතිට මේ අලකලංචියට මුහුණ දෙන්න සිදුවන්නේ.
ප්‍රීති මී ටූ සඳහා ලබා දුන් අදහස් වලට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචන එල්ලවෙලා තියෙනවා.
හැබැයි ප්‍රීති නම් කියන්නේ මේ විදියට ඇයට චෝදනා කරන්නේ ඇය පැවසූ අදහස් වැරදි ලෙස සංස්කරණය කිරීම නිසා කියලයි.
මී ටූ ව්‍යාපාරය මීට වසරකට විතර කලින් හොලිවුඩ් වලදී ආරම්භ වුණා. ඒ තුළින් තමන් මුහුණ දුන් ලිංගික අතවර සම්බන්ධයෙන් දහස් ගණනක් කාන්තාවන් අදහස් දක්වලා තියෙනවා.
පසුගිය මාස කිහිපය තුළ ඉන්දියාව තුළ මී ටූ ව්‍යාපාරය ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීම් සිදු කළා. ඒ අනුව විකට නළුවන්, මාධ්‍යවේදීන්, ලේඛකයන්, නළුවන් මෙන්ම අධ්‍යක්ෂවරුන් සම්බන්ධයෙන් ද ලිංගික අතවර චෝදනා එල්ල වුණා.
ප්‍රීති සිය අදහස් දක්වන්නෙත් මෙන්න මේ තරම් ආන්දෝලනාත්මක පුවත් මවන මී ටූ ව්‍යාපාරයට. අපි මේ ගැන වැඩි විස්තර ඔයාලට ඉදිරි දිනක කියන්නම්.