GossipsHollywood & Bollywood
Trending

ප්‍රියංකා බොලිවුඩයෙන් ඈතට.




ප්‍රියංකා චෝප්රා ගැන මේ දිනවල බොලිවුඩය වගේම හොලිවුඩයේ අයත් කතා කරන්නේ ඇගේ විවාහය නිසා. ඒ අවුරුදු දහයක් බාල නික් සමග ඇය විවාහ වුන නිසා. නික්ට වගේම ප්‍රියංකට අවුලක් නැත්නම්ඒක ඉතින් අපිට අදාල නැහැ. මේ කියන්න යන්නේ ප්‍රියංකා ගැන වෙන කතාවක්.

ඉන්දියානු මාධ්‍ය‍ය කියන්නේ ප්‍රියංකා මේ වෙනකොට බොලිවුඩය අතහැරලා හොලිවුඩයටම වෙලා ඉන්නවා කියලා. අතිශය ජනප්‍රිය වුන ක්‍රිශ් චිත්‍රපටයේ තුන් වැන්න නිර්මාණය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අතර මෙයට ප්‍රියංකා ගන්න පුලුවන් වෙයිද කියලා සැකයක් තියෙනවලු.

ඒ වගේම සල්මන්ගේ භාරත් චිත්‍රපටයටත් ප්‍රියංකාට කතා කලත් ඇය පිලිතුරක් දීලා නැහැ. මේ නිසා ඉන්දියානු මාධ්‍ය‍ය කියන්නේ දැන් දැන් ප්‍රියංකා බොලිවුඩය මගහරින්න හදනවා කියලා.

 

Tags
Show More
Close