Daily NewsGossipsHollywood & Bollywood
ප්‍රියංකාගේ සිගරට් එක ඉන්දියාවේදීත් පත්තු වෙයි – Priyanka Chopra

ප්‍රියංකා චොප්රා කියලා කියන්නේ මීට ටික කලකට ඉස්සර වෙලා ඉන්දියාවට හොඳ කතාබහ කරන්න පුළුවන් මාතෘකාවක් ගෙනත් දුන්න චරිතයක්. වැඩියෙන් කියනවා නම් ඒ දවස්වල ප්‍රියංකාට ගොඩක්ම ආදරේ කරේ gossip සයිට්. මොකද ප්‍රියංකා එයාටත් වඩා වයසින් ගොඩක් බාල කොල්ලෙක්ව මැරි කර ගත්ත එක හින්දා. ප්‍රියංකාටත් හැබැයි ඒක ගාණක් වුණේ නෑ. හිටියටත් වඩා සන්තෝෂෙන් දන්න කියන අය අහන හැම ප්‍රශ්නෙකටම එයා උත්තර දුන්නා. වෙනදටත් වඩා හිතවත් විදියට රසිකයන්ව ආශ්‍රය කලා. අන්න එතැනදී එයා තව තවත් මිනිසුන්ට ලං වෙලා විශ්වාසය වැඩියෙන් දිනාගත්තා. ඒත් ඉතින් විශ්වාසය කියන දේ හැමදාම තියාගන්නත් බෑනේ. මොකක් හරි අවටියල් වැඩක් කරල මාට්ටුවුණු ගමන් ඒක කුඩු වෙලා යන්නම යනවා. ඔන්න මේ පාර නම් ප්‍රියංකාට ඒක ලෙසටම සිද්ධ වුණා.
මොකද ප්‍රියංකා නිතරම ඉන්දියාවේ දී කිය කිය හිටිය දෙයක් තමයි එයා දුම් පානයෙන් තොරවෙලා ඉන්නවාය කියලා. ඒකට උත්තර විදියට කිව්වෙ එයාට හතිය තියෙනවා කියලා. ඒ හින්දා කොහොමත් සිගරට් බොන්නේ නෑ කියලා තිබ්බා විතරක් නෙවෙයි දුම් පානයට විරැද්ධව කතා කරන්නත් එයා පෙළඹිලා තිබ්බා. මේ කතාවලින් පස්සේ තමයි මිනිස්සු එයාට අනේ ෂෝක් කියලා කියන්නත් පටන්ගත්තෙ. ඒ උනාට ඔන්න ඉතින් දැන් ඒ කතා සේරම සෙත්ත පෝච්චි. ප්‍රියංකා එයාගෙ තිස් හත්වෙනි බර්ත්ඩේ එක සමරන්න පටන් ගත්තෙ මියාමි වල ඉඳන්. ඔන්න ඔය වේලාවේ දී එයාට ඉන්දියාවේ දි කරපු කියපු හැම දෙයක්ම අමතක වෙලා සිගරට් බොන්න පටන් අරගෙන තියෙනවා. මෙන්න මේ බීපු සිගරට් එකේ ෆොටෝ එක ඉන්දියාව පුරා යන්න වැඩි වෙලාවක් ගියේ නෑ. මේක දැකපු සමහරුන්ට නං අනේ හපොයි කියලා හිතෙන්න ඇති. ඉතින් මේකෙන් පස්සේ උනෙත් හරි අපූරු දේවල්. ලංකාවේ සෝෂල් මීඩියා වල දිගට හරහට කුඩුවෙන්න ගහන වගේ තමයි ඉන්දියාවෙත්. ප්‍රියංකාගේ මේ සිගරට් එකේ සීන් එකත් අල්ලලා හොඳට පදම් වෙන්නම ගොසිප් ටික එහෙම ලස්සනට වැදිලා තිබුණා. ඒවට ප්‍රියංකා ඉස්සර කියපු එයා සිගරට් බොන්නෙ නෑ, අරකද මේකද කියපු විස්තරත් දාල තමයි පෝස්ට් ටික හදල තිබ්බෙ. සමහර විට ඉතිං ප්‍රියංකාට නම් හිතනවා ඇති මේ වගේ පොඩි කොල්ලෙක්ව කසාද බැඳගත්ත මට සිගරැට් එක නම් මොකක්ද කියලා. එයාට ඉතිං එහෙම හිතුනාට ඉන්දියාවේ මිනිස්සුන්ට නං එහෙම හිතුණේ නෑ. ඒකනෙ අත දිගෑරලා පත්තු වෙලා යන්නම ගොසිප් සයිට් ටික වැඩ පටන් අරන් තිබ්බෙ