
දීපිකාගේ විවාහය දවස උදා වෙනකල් කට මැදගෙන හිටපු ෆෑන්ස්ලාට අන්තිමට ඒ විවාහයේ ඡායාරූපයක්වත් දැකගන්න ලැබුණේ නෑ. විවාහයෙන් දවසකට විතර පස්සේ රන්වීර් සින්ග් එයාගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට ඡායාරූප දෙකක් පමණක් එකතු කරලා තිබුණා. ඒ ඡායාරූප දෙක හරියට නිකන් සෝමාලියාවට පාන් දුන්නා වගේ ලෝකෙ පුරාම හිටපු මීඩියා කාක්කන් පොර කකා බදාගත්තා. ඒත් ඒක ඒ වෙද්දී රන්වීර් දීපිකා විවාහය සම්බන්ධයෙන් රසික ප්‍රජාව අතර තිබුණ උනන්දුව සමනය කරන්න කිසිසේත්ම ප්‍රමාණවත් වුණේ නැහැ.
ලබන දෙසැම්බරයේ තියෙනවා කියන බොලිවුඩ්වල අනෙක් මහා මංගල්‍යය තමයි ප්‍රියංකා සහ නික් අතර සිදු වන්නේ. ප්‍රියංකා චොප්රා සහ නික් ජෝන්ස් දෙසැම්බර් 02 වැනිදාට ජෝද්පූර්හීදී විවාහ වෙනවා. මේ දෙන්නා වෙනුවෙන් තනිකඩයන්ගේ ප්‍රියසම්භාෂණ උත්සවයකුත් පැවැත්වුණා. ඒ උත්සවය සංවිධානය කළේ ප්‍රියංකාගේ ඥාති සොයුරිය වූ පර්නීති චොප්රා ඇතුළු යෙහෙළින පිරිසක්.
ඉතින් ප්‍රියංකා එයාගේ විවාහ මංගල්‍යයේ ඡායාරූප පළකිරීම සම්බන්ධයෙන් බොලිවුඩ්වල ජනප්‍රිය සිනමා සඟරාවකින් ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක් අය කරන බව දැනගන්න ලැබුණා.
විවාහ ඡායාරූපවලින් සල්ලි හොයන්න පුළුවන් නිසා වෙන්න ඕනේ අලුත බඳින ජනප්‍රිය තරු එයාලගේ විවාහයේ පින්තූර එලියට යන එක වළක්වන්න මේ තරම් උත්සාහ ගන්නෙත්.