
බොලිවුඩය ඇඟිලි ගනිමින් බලා සිටින විවාහ මංගල්‍යයක් ලෙස ප්‍රියංකා චොප්රාගේ විවාහ මංඟල්‍යය හඳුන්වා දෙන්න පුළුවන්. මේ අති උත්කර්ශවත් දිනය උදාවෙන්නට ඇත්තේ තව දින කිහිපයක් පමණයි.
ඒ නිසා ප්‍රියංකා එයාගෙ තනිකඩ ජීවිතයට දෙන්න පුළුවන් උපරිම ප්‍රීතිය ලබා දෙන්න උත්සාහ ගන්නවා. එහෙම විනෝද වෙමින් සිටින අතරතුරදී තමයි මේ “පිජාමා ගැන්ග්” එක අපිට මුණගැහෙන්නේ.
ප්‍රියංකා ඇයගේ ඥාති සහෝදරියක වන පර්නීති චොප්‍රා මෙන්ම සොෆී ටර්නර් සමඟ යෙහෙළියන් පිරිසක් එකතු කරගෙන අමුතු පාර්ටියකට සහභාගී වෙනවා. පිජාමා පාර්ටි ලෙසින් නම් කරපු මේ උත්සවයට සියලුම දෙනා රෝස පැහැති පිජාමා කිට්වලින් සැරසී පැමිණ සිටියා.
ප්‍රියංකාගේ රෝසපාට පිජාමා ගැන්ග් එක ලබාගත් සමූහ ඡායාරූපයක් ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමටත් එකතු කරලා තිබුණා.
සාමාන්‍යයෙන් පිජාමා කිට් අඳින්නේ රාත්‍රී කාලයටනේ. ඒත් ඒක මේ විදියට සමරද්දී ගෑනු ළමයින්ට අපූරු විනෝදයක් ගේනවා.
විශේෂයෙන්ම ළඟදී විවාහයට එළඹෙන තමන්ගේ මිතුරියට (Bride to be) සුන්දර මතක සටහනක් ලබා දෙන්න ඇගේ පිජාමා මිතුරියන්ට හැකියාව ලැබෙනවා.
විශේෂයෙන්ම ළඟදි විවාහයට එළඹෙන තමන්ගේ මිතුරියට (Bride to be) සුන්දර මතක සටහනක් ලබා දෙන්න ඇගේ පිජාමා මිතුරියන්ට හැකියාව ලැබෙනවා.